දෙහි, දොඩම්, නාරං, ග්රේ්ප්පෘට්, රෝස වැනි වර්ග බද්ධ කිරීම සඳහා බහුලව යොදා ගැනේ. තුනී පොත්ත සහිත විශේෂ බද්ධ කිරීමට වඩා සුදුසු වේ. මෙහිදී ඉංග්රීසි කැපිටල් "ටී" ඔ අකුරේ හැඩයට කැපුම් යොදන අතර එය උඩුකුරු හෝ යටිකුරු ටී ලෙස T යෙදිය හැකිය. උඩුකුරු "ටී" ඇපුම යොදන්නේ නම් උඩුකුරු "ටී" බද්ධය ලෙස හඳුන්වන අතර අංකුර දණ්ඩය පහළ සිට ඉහළට අනුජයන් වෙන්කර ගත යුතුය.
යටිකුරු "ටී" බද්ධයේදී "ටී" T අකුර ලෙස අංකුර කැපුම යොදනු ලැබේ. අංකුර දණ්ඩයේ ඉහළ සිට පහළට අනුජයන් කපා ගත යුතුය. සෙ. මී. 2 ක් දිගට කැපුමක් යොදා ග්රාහකය සකස් කර බද්ධය යටිකුරු නම් හරක් කැපුම පහළින්ද බද්ධය උඩුකුරු නම් හරස් කැපුම ඉහළින්ද රූපසටහනේ ආකාරයට කැපුම් යොදන්න.
බද්ධ පිහි තුඩ ආධාරයෙන් පොත්ත සීඝ්රයෙන් බුරුල් කර ග්රාහකයේ කැපුම් තුලට අනුජය රිංගවන්න. තෝරාගත් අනුජය පළිහ ආකාරයට සකස් කරගැනීම වැදගත්ය. අනුජයේ වැඩි කොටස කපා ඉවත් කොට බද්ධ පටි වලින් වෙලන්න. පලිස් බද්ධයට සමානව ඉන්පසු කටයුතු කරන්න. යටිකුරු බද්ධ ක්රමය අධික වැසි සහිත ප්රදේශවලට සුදුසු වන අතර රෝස වැනි ශාකවල අනුජයන් ලී කැබැල්ලක් සමග පිළියෙල කර ගැනීම වැදගත්ය.