පොළොව මට්ටමේ සිට සෙ.මී. 25 ක් පමණ ඉහළින් සෙ.මී. 2 1/2 ක් පමණ දිගට කැපුම් දෙකක් සහ මි. මීටර 12 ක් පළල කැපුම් දෙකක් යොදා ආයන චතුරස්රකාර පොතු කැබැල්ලක් ඉවත් කර ගන්න. ග්රාහකයේ කැපුම් වලට වඩා මදක් කුඩා වූ කැපුම් සහිතව නිරෝගී අක්රීය අංකුරක් සහිත පොතු කැබැල්ලක් අනුජය ලෙස සකස් කරගන්න.
අනුජය සකසා ගන්නා තෙක් ග්රාහකයේ පොත්ත ගසෙන් ඉවත් කිරීම ප්රමාද කිරීමෙන් කැම්බියන් පටක වියලී යාම වලක්වා ගත හැක. ඉන්පසු ග්රාහකයේ පොත්ත ඉවත් කල විගස පිළියෙල කරගත් අනුජය ග්රාහකයට ප්රවේශමෙන් සම්බන්ධ කරගන්න. බද්ධ පටිවලින් වෙලන්න. ඉන්පසු සියලූ කටයුතු පලිස් බද්ධයේ දී අනුගමනය කළ ක්රමයට සමාන වේ.
එච් බද්ධය
ඉංග්රීසි කැපිටල් "එච්" අකුරේ හැඩයට ග්රාහකයේ කැපුම් යොදා ගත යුතුය. සෙ.මී. 2 1/2
ක් දිගට මිලි මීටර 12 ත් පළලට කැපුම් යෙදීම සුදුසු වේ. කපන ලද කැපුම් වලින් ඉහළට සහ පහළට
පියන් විවෘත කර සකස් කරගත් අනුජය ග්රාහකයේ කැපුම් තුල තැන්පත් කරන්න.
ග්රාහකයේ කැපුම් වලට සවි වන සේ එක් පැත්තක් හෝ තැබීම වැදගත් වේ.