පලිස් බද්ධය සහ පලිහ බද්ධය
 

අනුජය පලිහක හැඩයට කපා ගැනීම මෙහිදී සිදුවෙයි. සෙ. මී. 20 ත් 25 ත් පමණ උඩින් පොළොවේ සිට ග්‍රාහකයේ සෙ. මී. 2 1/2 ක් සහ මී. මීටර් 12 ක් පමණ පළලට ග්‍රාහකයේ උඩින් සහ දෙපැත්තෙන් කැපුම් තුනක් යොදන්න. ඉන්පසු පළිහක හැඩයට අනුජයක් සූදානම් කරගන්න. දොඩම් වැනි සිට්‍රස් කුලයේ ශාක බද්ධ කිරීමේදී ලී කැබැල්ලක් සමග අනුජය කපා ගැනීම වැදගත් වේ. අනිත් ශාකවලදී එසේ අවශ්‍ය නැත. ඉන්පසු අංකුරය (අනුජය) ග්‍රාහකයේ පිළියෙල කරගත් ස්ථානයට ඇතුළු කරගන්න.

පලිහ බද්ධය
ග්‍රාහකයේ කැපුම් වලින් පිටතට ගන්නා පොත්ත ඊට පහලින් කපා අස්කරන්න. ඉන්පසු අනුජය හා ග්‍රාහකයේ පොලිතින් හෝ බද්ධ පටිවලින් පහළ සිට ඉහළට බද්ධයේ ආවරණය වන පරිදි ඉතා තදින් වෙලීම අවශ්‍ය වේ. දින 14 ත් 21 ත් අතර පසු බද්ධ පටි ගලවා බද්ධය සාර්ථක වී ඇත්දැයි බැලිය යුතුය. අනුජය වර්ණය නොවෙනස්ව පැවතීම බද්ධය සාර්ථක බව හගවයි. බද්ධය සාර්ථක නම් අංකුරය පිටතට සිටින පරිදි නැවත බද්ධ පටි වලින් වෙලිය යුතුය

(c) Shilpa Sayura Foundation 2006-2017