රිකිලි බද්ධය
 

රිකිලි බද්ධ ක්‍රමයට බද්ධ කළ පැළයක්

1. ආගන්තුක කොටස (අනුජය)
2. මුල් පැලය (ග්‍රාහකය)

ග්‍රාහකවල තිබිය යුතු ලක්ෂණ කිහිපයකි:-
(1) මූල මණ්ඩලය හොඳින් වර්ධනය වන ශාකයක් වීම.
(2) පාරිසරික වෙනස්වීම් වලට ඔරොත්තු දෙන්නක් වීම.
(3) බහුලව ලබාගත හැකි වර්ගයක් වීම.
(4) වර්ධනය ඒකාකාරී වීම.

මී සහ පලූ ග්‍රාහක වශයෙන් සැපතිල්ලා වලට යෙදිය හැකි අතර කෝන් සහ දේශීය රඹුටන්, රඹුටන් වර්ග වලට ග්‍රාහක ලෙස යෙදිය හැකිය. දිවුල්, රජ ලෙමන්, දෙහි, පැණි දොඩම් සඳහා ද ග්‍රාහක ලෙස යොදා ගත හැකිය. අඹ වල ග්‍රාහක ලෙස කොහු අඹ, වල් අඹ යන ආදියද මුංගුස් ටින් වලට ග්‍රාහක ලෙස රට ගොරකා ද යෙදිය හැකිය. හිතකර ලක්ෂණ සහිත ශාකයකින් අනුජ ලබා ගැනීමට අංකුර ගත හැකි ඳඬු කොටස " අංකුර දන්ඩක්" ලෙස හදුන්වයි.

අනුජයක තිබිය යුතු හිතකර ලක්ෂණ
(1) වැඩි හොඳ ඵලදාවක් ලබාදීම.
(2) රසවත්භාවය අධිකව ඇති මව් ශාකයක් වීම.
(3) වැඩි වෙළඳ වටිනාකමක් තිබීම.
(4) පලිබෝධ හා රෝග වලින් තොරවීම.

බද්ධයක් සාර්ථක වීම සඳහා අනුජයේ හා ග්‍රාහකයේ කැම්බියම් පටකවල හොඳ වර්ධනයක් ඇතිවීම මගින් කිණක සෛල නිෂ්පාදනය විය යුතුය. කැන්බියම ඇති ද්වී බීජ පත්‍ර ශාකවල එකම කුලයේ ශාක බද්ධ කිරීම ඉතා සාර්ථකය. උක් සහ උණ වැනි ඇතැම් ඒක බීජ පත්‍ර ශාකයන් අතරද බද්ධයන් සාර්ථක වූ අවස්ථා දක්නට ලැබී ඇත.

බද්ධ කිරීමට සුදුසු ග්‍රාහක පැල තෝරාගත යුත්තේ අනුජයට ඉතා කිට්ටු සබඳතා ඇති වර්ග වලිනි. එවැනි ග්‍රාහක ශාකයක කඳ පැන්සලක් පමණ මහතට වැඩුනු විට බද්ධ කිරීම සඳහා සුදුසු වේ. වැලි මඩ ආදිය පිස දමා ඉවත් කර සෙ. මී. 15 ක් පමණ උසින් ගසේ පොත්ත බුරුල් කිරීම සඳහා පිටට ස්වල්පයක් නැමීම සුදුසුය. බද්ධ කිරීම සඳහා විශේෂයෙන් නිෂ්පාදිත බද්ධ පිහියක් භාවිතා කිරීම යෝග්‍ය වේ. එය මුවහත් ලෙස තබා ගැනීම බද්ධ කිරීම පහසු කරයි.

සෙ. මී. 50 ක් පමණ දිග සෙ. මී. 2 ක් පමණ පළල වූ පොලිතින් පටි බද්ධ කිරීමට යොදා ගත හැකි අතර අතු හා මුල් කප්පාදුව සඳහා සෙකටියරයක් භාවිතා කිරීමද වැදගත්ය.

බද්ධ කිරීම දෙයාකාරයකට සිදු කරයි.
එනම්, 1. අංකුර බද්ධය 2. රිකිලි බද්ධය

(c) Shilpa Sayura Foundation 2006-2017