නව ශාකයක් බිහිකර ගැනීමේ කෘතිම ප්‍රචාරණ ක්‍රමයක් ලෙස ජනප්‍රිය වී ඇති බද්ධ කිරීම මූල මණ්ඩලයක් සහිත ශාක කොටසකට ගැළපෙන්නා වූද, හිතකර ලක්ෂණ සහිත වූද, වෙනත් ශාකයක කොටසක් සම්බන්ධ කර එක පැලයක් සේ වර්ධනය වීමට සලසා ගැනීමක් ලෙස හඳුන්වා දිය හැක.
මූල මණ්ඩලය සහිත ශාක කොටස ග්‍රාහකය ලෙස හඳුන්වන අතර හිතකර ලක්ෂණ සහිත අනෙක් ශාකයේ අංකුරය හෝ අංකුර කිහිපයක් සහිත රිකිලි අනුජය ලෙස නම් කෙරේ.