(6) වායව ලේයර් ක්‍රමය (ගූටි ලේයර් කිරීම)
පහත නමා බිමට යට කළ නොහැකි අතු මුල් අද්දවා ගැනීමට මෙම ක්‍රමය යොදා ගනී. මේරූ අත්තක කොළ පැහැය වෙනස් වන හරියෙන් ගැටයක් සහිත ස්ථානයෙන් කැපුමක් යොදන්න. පොතු වලයක් ඉවත් කිරීම ද කළ හැකිය. කැපුමක් යොදුවොත් කැපුම යාවීම වැලැක්වීම සඳහා කැපුම තුල ගස් කැබැල්ලක් හිර කරන්න. මුල් අදින හර්මෝන ඇත්නම් ස්වල්පයක් කැපුම් මුහුණතේ තවරා කාබනික පොහොර මතුපිට පස් එකට එක අනුපාතයට මිශ්‍ර කරගත් මිශ්‍රණයක් කැපුම ආවරණය වන සේ තබන්න.
සෙ. මී. 15 x 15 පමණ වන සේ පොලිතින් කැබැල්ලක් ගෙන එමගින් කැපුම් ස්ථානය හා පොහොර මිශ්‍රණය ආවරණය වන සේ දවටන්න. පොලිතින් කොලයේ දෙකෙලවර ඉතා තදින් හොදින් බැඳීම අවශ්‍ය වේ. පොලිතින් වෙනුවට පොල් ලෙලි, පොල් කොහු, පිදුරු ආදිය මගින් මෙය ගුටි ක්‍රමයටද බැඳිය හැක. එවිට ඉක්මනින් වියලී යන නිසා ඉහළින් එල්ලන ලද ජල බඳුනකින් නිතර ජලය සැපයීම අවශ්‍ය වේ. මේ සඳහා පතුල සිඳුරු කල උණ බම්බුවක්, හිස් ටින් එකක් හෝ හිස්කරන ලද සේලයින් බෝතල් හෝ වතුර පුරවා යොදා ගත හැකිය. එම පොල් කොහු පිදුරු වැනි ද්‍රව්‍ය කපුටන් වැනි කුරුල්ලන් විනාශ කළ හැකිවීම එහි අවාසියක් වේ.
පොලිතීන් වායු හුවමාරුවට ඉඩ සලසන අතර ජලය වාෂ්ප වීම වලක්වන බැවින් වඩාත් වසි සහගත වේ. මෑතකදී ඝණ ඊයම් කොළයක් සහ රබර් බෑන්ඩ් යොදාගෙන පොලිතීන් ආවරණය වෙනුවට භාවිතා කරන අවස්ථාද පැමිණ ඇත. සමහරවිට ඊයම් කොළය තද කර පොඩි කිරීමෙන් ගසට සම්බන්ධ කළ හැකි නිසා රබර් බෑන්ඩ් ද අනවශ්‍ය වේ.
ක්ලෝනෙක්ස්, රූටෝන්, සෙක්ටෝ, සෙරඩික්ස් වැනි හෝර්මෝන එහිදී මුල් ඇදීම පහසු කරවයි. වර්ෂා කාලය මුල මේ ක්‍රමය ඇරඹීමෙන් වසරක පමණ කාලයක් තුලදී දෙල්, රඹුටන්, කජු, දෙළුම්, ලෙමන්, රෝස, වද, සැපතිල්ල වැනි ශාක පහසුවෙන් බෝකර ගත හැකිය. හොඳින් මුල් වැඩුණු පසු නව ශාකය මව් ශාකයෙන් ක්‍රමයෙන් වෙන් කර සිටුවිය යුතුය.