ලේයර් කිරීම.
මව් ගසේ පෝෂණය ලබාදිය හැකි සේ එම ගසට සම්බන්ධව තිබියදී ශාක කොටසක් මුල් අද්දවා ගැනීම අතු බැදීම හෙවත් ලේයර් කිරීම යනුවෙන් හැඳින්වේ. මේ ක්‍රමයෙන් ස්ථීරවම නව පැලයක් ලබා ගත හැකි වුවත් එA සඳහා කල්ගත වීමක් සිදුවේ. ද~ු කැබලි මුල් ඇද්දවීමට මේ ක්‍රමය සුදුසු වන අතර ද~ු කැබලි මුල් ඇද්දවීමෙන් පරිසර කරුණු පාලනය කිරීමද එතරම් අවශ්‍ය නොවේ. ස්ට්‍රෝඛෙරි වර්ග මේ ක්‍රමයට ස්වභාවික ප්‍රචාරණය වීමක්ද සිදුවේ.
ලේයර් කිරීම භාවිතා කරන ක්‍රමය වන්නේ ප්‍රධාන ලෙස කොටස් දෙකකි.
(1) භෞමික අතු බැදීම (2) වායව අතු බැදීම.
භෞමික අතු බැඳීම.
(1) සාමාන්‍ය ලේයර් ක්‍රමය
කනේරු සමන් පිච්ච වැනි ශාකවල අතු මුල් ඇද්දවීමට මෙම ක්‍රමය බොහෝවිට යොදා ගනී. මව්ගසේ අත්තක් පොළවට පහත් කොට අත්තේ ස්ථානයක් තුවාල කොට එම ස්ථානය පස් වලින් වසා එA මත බරක් තබනු ලබයි. සෙ. මී. 8 -16 ක් පමණ ගැඹුරට සිටින සේ අත්ත පස් යට කළ යුතුය. මෙම ක්‍රමය වර්ෂාව පවතින විට ක්‍රියාත්මක කිරීමෙන් වඩාත් සාර්ථක වේ. මුල් ඇදීමට මාස කීපයක් ගත විය හැකිය.
(1) භෞමික අතු බැදීම (2) වායව අතු බැදීම.
භෞමික අතු බැඳීම.
(1) සාමාන්‍ය ලේයර් ක්‍රමය
කනේරු සමන් පිච්ච වැනි ශාකවල අතු මුල් ඇද්දවීමට මෙම ක්‍රමය බොහෝවිට යොදා ගනී. මව්ගසේ අත්තක් පොළවට පහත් කොට අත්තේ ස්ථානයක් තුවාල කොට එම ස්ථානය පස් වලින් වසා එA මත බරක් තබනු ලබයි. සෙ. මී. 8 -16 ක් පමණ ගැඹුරට සිටින සේ අත්ත පස් යට කළ යුතුය. මෙම ක්‍රමය වර්ෂාව පවතින විට ක්‍රියාත්මක කිරීමෙන් වඩාත් සාර්ථක වේ. මුල් ඇදීමට මාස කීපයක් ගත විය හැකිය.
(2) සංයුක්ත ලේයර් ක්‍රමය
මිදි, පැෂන්පෘෘට් වැනි ශාක හෙවත් කඳන් නැමෙන සුළු වැල් සහිත ශාක කීපපොලකින් පොලවට යටකර මේ ක්‍රමයේදී මුල් අද්දවා ගනී. ගැට හෝ සන්ධි වලින් මුල් හා දළු ලියලන නිසා ස්ථාන අසලින් පස් යට කිරීම වැදගත් වේ. යට කරන ස්ථාන තුවාල කිරීමට ඉක්මනින් මුල් ඇද්දවීමට හේතු වේ. එකවර නව පැළෑටි කීපයක්ම ලබාගත හැකි වීම මෙම ක්‍රමයේ වාසියකි. පස් යටවූ තැන්වලින් මුල් ඇඳුනු විට එම පැල කපා ඉවත්කර සිටුවයි.
ශාඛග්‍ර ලේයර් ක්‍රමය
(3) ශාඛග්‍ර ලේයර් ක්‍රමය
අත්තක අග්‍රස්ථ කොටස සෙ.මී. 5 ක් - 7 පමණ පොළවට යටවන සේ සිටුවයි. ස්ට්‍රෝඛෙරි ප්‍රචාණයට මෙම ක්‍රමය බහුලව යොදා ගනී. සති කීපයකින් පොළවට යටවී ඇති කොටසේ මුල් හට ගන්නා නිසා කපා සිටවන විට අග්‍රස්ථය උඩට සිටින සේ සිටුවීම වැදගත්ය.
කානු ලේයර් කිරීම.
(4) කානු ලේයර් ක්‍රමය
මෙහි විධික්‍රම 3 කි. පළමු ක්‍රමයේදී ශාක අග්‍රස්ථය නැතුව සම්පූර්ණ අත්තක් නොගැඹුරු විවෘත කානුවක තැන්පත් කරයි. අංකුර සෙ. මී. 25 ක් පමණ වැඩුණු පසු පස් තට්ටුවකින් වසනු ලැබේ. දෙවන ක්‍රමයේදී අත්ත කාණුවක තැන්පත්කර කඳ වැසෙන සේ සෙ.මී. 3 ක් පමණ පස් තට්ටුවක් මුලින් යොදා දලූ ලියලූ පස් සෙ.මී. 15 ක පමණ පස් තට්ටුවකින් වසා දමයි. එවිට සන්ධිවලින් රිකිලි ඇතිවේ. දුර්වල කඳන් සහිත ශාක මේ ක්‍රමයට බෝ කරනු ලැබේ.
(5) කඳු ලේයර් ක්‍රමය (ගොඩැලි ලේයර් ක්‍රමය)
දෙළුම් වැනි කදෙහි මුලින් අතු හට ගන්නා වූ ශාක පහසුවෙන් නැමිය නොහැකි ශාඛා සහිත පඳුරු බෝ කර ගැනීමට මේ ක්‍රමය වැදගත් වේ. පදුරක කඳේ පහල කොටසේ එක් එක් ස්ථානය බැගින් තුවාල කොට පස් ගොඩගසා වැසීමෙන් මෙම පඳුරෙන් ශාක පැල ලෙස ලබා ගත හැක.
තවත් ක්‍රමයකදී වැසි කාලය තුල පොළවෙන් සෙ.මී. 5 ත් 8 ත් ඉහලින් පැරණි ගස්වල මුදුන් කොටස කපා ඉන් ඉවත් කරයි. අලූතින් හැදෙන රිකිලි වල මුල් කොටස වැසෙන සේ පස් එකතු කරනු ලැබේ. රිකිලි උසින් වැඩෙන විට පස් ගොඩද තරමක් උස්සා තබයි. අවුරුද්දකට පමණ පසු අලූත් රිකිලි අලූත් ශාක ලෙස වෙන්කර රෝපණය කළ හැකිය. ඇපල් වල පැල බෝකර ගැනීමට මේ ක්‍රමය බහුලව යොදා ගනී.