බිගෝනියා, පෙපරෝමියා, අක්කපාන, ඇප්‍රිකන් වයලට්, ග්ලොක්සීනියා වැනි විසිතුරු ශාක මේ ක්‍රමයට ප්‍රචාරණය කරයි. කඳන් රහිත මංගල පත්‍ර මේ සඳහා යොදා ගැනේ. ජලවහනය ඉතා හොඳින් සිදුවන සේ මාධ්‍ය සකස් කිරීම අවශ්‍ය වන්නේ පත්‍ර කුණු වී යා හැකි බැවිනි. වැලි සහිත කාබණික මධ්‍යයක් වඩා සුදුසු වේ.
පත්‍ර මගින් ප්‍රචාරණය සිදුකරන විට ආර්ද්‍රතාව තෙතමනය හා උෂ්ණත්වය පාලනය කර ගැනීම වැදගත්ය. සැන්සෙවේරියා වැනි පැලෑටි වල පත්‍ර කැබලි සිටුවන අතර බිගෝනියා වල පත්‍ර තලය මාධ්‍යය මතුපිට සිටින සේද පත්‍ර නටුව මාධ්‍යයට යට වන සේද සිටිවිය යුතුය. පත්‍ර තලය තිරස්ව තබාගෙන මැද නාරටි හා පාර්ශ්වික නාරටි කපා එම ස්ථාන සිහින් ඉරටු කැබලි වලින් හෝ කම්බි වලින් සැඟවීමෙන් පැල වැඩි සංඛ්‍යාවක් ලබාගත හැක. ඇප්‍රිකන් වයලට් සිටුවීමේදී පත්‍ර තලයේ කොටසක් යට වන සේ පත්‍ර නටුව සිටුවීම ප්‍රමාණවත් වේ.