මුල් කැබලි මගින් ශාක ප්‍රචාරණය
 

කරපිංචා, ඇට රහිත රට දෙල්, ඛෙලි, ජෑම් ගස් යනාදී මුල් ඇද්දවීමෙන් ප්‍රචාරණය කළ හැකිය. රට දෙල් සඳහා සෙ.මී. 25 - 28 පමණ දිගට මුල් කැබලි යොදා ගැනීම වැදගත් වේ. එම මුලේ විශ්කම්භය සෙ.මී. 5 ක් පමණ විය යුතුය. සෑම විටම වැලි හෝ කොම්පෝස්ට් මිශ්‍ර තෙත් සහිත පසක සිටුවීම අවශ්‍යයයි. සිහින් කෙළවර පස යට කිරීම ඉතා සැලකිල්ලෙන් කළ යුතුය. මතුපිට පස් 1:1 අනුපාතය කාබනික ද්‍රව්‍ය මිශ්‍රණය මාධ්‍ය වශයෙන් යොදා ගැනීමටද හැකිය. තෙතමනය අවශ්‍ය වන පරිදි ලබාදී හිරු රැස් මගින් වන හානිය වැලැක්වීමට සෙවන ලබාදිය යුතුය. මව්පිය ආරමය ලක්ෂණ මෙම පැලවලින් නොලැබිය හැකිය

(c) Shilpa Sayura Foundation 2006-2017