ලා ඳඬු කැබලි
කපුරු, ගම්මිරිස්, ඉන්නල, බතල, කෝලියාස්, කනේරු, වද, මුසැන්ඩාස්, තේ, ක්‍රෝටන් වැනි ශාක සිටුවීමේදී ලා ඳඬු කැබලි ඉතාමත් සාර්ථකව වර්ධනය වේ. මෙහි සංචිත ආහාර අඩු වුවත්, හෝමෝන ශක්‍රීය වන ෙසෙල වැඩිවීම ඊට හේතුවයි. මෙම ඳඬු කැබලි ලබා ගන්නේ මාංශල මෘදු රිකිලි වල අග්රස්ථ කොටසෙනි. තෙතමනය, උෂ්ණත්වය පාලනය කර ගැනීමෙන් ශාක වර්ධනය ඉක්මන් වේ. පාංශු උෂ්ණත්වය, වායුගෝලීය උෂ්ණත්වයට ස්වල්පයක් වැඩි නම් පහසුවෙන් මුල් හට ගනී. මෙවැනි තෙතමන පාලනයට ශාක ප්‍රචාරකයක් භාවිතය වඩා සුදුසුය.
අඩ දළ ඳඬු කැබලි
මෙම ඳඬු කැබලි ශාකවල ලා ඳඬු කැබලි වලට වඩා තරමක් මේරූ ඒවා වේ. පත්‍ර සහිත තරමක් කොළ මිශ්‍ර දුඹුරු වර්ණය සහිත ස්ථානයන් මේ සඳහා යොදා ගැනේ. හෝමෝන සක්‍රීය ෙසෙල මධ්‍යස්ථ ප්‍රමාණයෙන් ඇති නිසා, මේවා පහසුවෙන් වියළී යන්නේ නැත. උත්ස්වේදනය අඩු කිරීම සඳහා පත්‍ර ඉවත් කර සිටුවීම කළ යුතු අතර, ශාකයෙන් කපා ගත් විගසම වේලීමට ඉඩ නොදී සිටුවා ගැනීම වැදගත්ය. උෂ්ණ නොවන දිනයක උදය කාලයේදී තෙත සහිත පසක සිටුවීමෙන් මුල් ඇඳීම සාර්ථක වේ. ශාක ප්‍රචාරකයක් ඇත්නම්, වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක. අඟල් 7ක් පමණ දිග අඩු කැබලි සිටුවීමට වඩාත් සුදුසුය. සෙවණ සැපයීම හා ජලය සැපයීම අවශ්‍ය පරිදි කළ යුතුය. ඉන්නල, බතල, කෝලියාස් වැනි වර්ග කිහිපයක් හැරුණු විට බොහෝ ශාක බෝ කර ගැනීමට මෙම ඳඬු කැබලි ප්‍රයෝජනයට ගනී.
දල ඳඬු කැබලි
වසරක් පමණ වයසැති මේරූ ඳඬු කැබලි මේ සඳහා යොදා ගනී. අංකුර දෙකක්වත් සහිත අගල් 6 ත් 10 ත් අතර ඳඬු සුදුසු වේ. මේවායේ හෝමෝන පත්රීය ෙසෙල අඩුය. සංචිත ආහාර වැඩිය. පතනශීලි ශාකවල අක්‍රීය අවස්ථාවේදී දල ඳඬු කැබලි ලබා ගන්නේ එවිට මුල් නිපදවීමට අවශ්‍ය සංචිත ආහාර උපරිම ලෙස තිඛෙන නිසාත්, කිණක පටක වර්ධනයට එය පහසුවන නිසාත්ය. වද, මඤ්ඤෝක්කා, කනේරු, බෝගන්විලා වැනි ශාක බෝ කර ගැනීමට මෙම දල ඳඬු කැබලි යොදා ගැනීමට පුළුවන. අවශ්‍ය පමණ සෙවණ සැපයීම සහ දිනපතා ජලය සැපයීම අවශ්‍ය වේ. පැල රාශියක් අවශ්‍ය වූ විට, එක් අංකුරයක ඳඬු කැබැල්ලක් වුවද සිටුවිය හැකිය. දල ඳඬු කැබැල්ලක් වුවද සිටුවිය හැකිය. දල ඳඬු කැබලි මුල් ඇද්දවීමට කල් ගත වන නිසා හෝමෝන වර්ගයක් යොදා සිටුවීමෙන් වර්ධනය පහසු කරගත හැකිය.