කිතුලට ගිය මිනිහටත් උත්තර තියෙනවලු
 

කියමන : කිතුලට ගිය මිනිහටත් උත්තර තියෙනවලු.
තේරුම : දැන දැන වැරදි කෙරුවත් එය පිළිනොගනි.

අතීත කතාව - අසල ඉඩමක වූ කිතුලකට හොරෙන් නැඟ රා බීමට ඇබ්බැහි වූ මිනිසෙක්‌ විය. මොහු උපාසකයෙකි. දවස පුරාම පන්සලේ ගතකරන මේ උපාසකයා සැකකළ අයෙක්‌ද ගම් ප්‍රදේශයේ නොවීය. තම කිතුලෙන් හොරෙන් රා බොන සොර දෙටුවා අල්ලා ගැනීමට සෝදිසියෙන් සිටි මදින්නා, එක්‌ හිමිදිරි පාන්දරක කිතුලෙන් බසින මිනිසෙකු දැක "අද උන්දැට දෙන්නම්...." යැයි සිතා පොල්ලක්‌ද ගෙන ගස මුලට දිව ආවේය. ගසෙන් බැස්‌සේ උපාසක තැන බව ඔහු දුටුවේ එවිටය.

"ආ......උපාසක තැන, මොකද මගෙ කිතුලට නැග්ගේ....? මදින්නා කෝපයෙන් ගිගුලේය. එහෙත් එයින් කලබල නොවූ උපාසක තැන "මේ ගහ මුදුනට සිරිපාදෙ හොඳ අපූරුවට පේන හන්දා වැඳ පුදා ගන්ට ගහට නැග්ගා." යයි ගණනකට නැතිව පිළිතුරු දුන්නේය.

* තණකොළ කැපීමට කිතුලට නැග්ග කතා පුවතක්‌ ද ජනප්‍රවාදයේ පවතිය.

(c) Shilpa Sayura Foundation 2006-2017