මව් ගසේ ලක්ෂණ ආදර්ශානුරූපීව ලබාගැනීමට හැකි වීම අලිංගික ප්රචාරණයේ ඇති වැදගත්ම වාසිය වේ. එහි ඇති වෙනත් වාසි අතර, ඉක්මනින් ඵල දැරීම සහ වැඩි අස්වැන්නක් කෙටි කාලීනව ලබා දීම පෙන්වා දිය හැකිිය. වර්ධක ප්‍රචාරණයෙන් ලැඛෙන ගස්, උසින් අඩු බව නිසා අස්වැන්න නෙලීමටත්, රසායනික ද්‍රව්‍ය යෙදීමටත්, පරපෝෂිතයන් පාලනයටත් පහසුය.
භූරි දොඩම් වැනි සමහර ශාක බීජ රහිත වේ. එමෙන්ම සමහර බීජවල ප්‍රරෝහණ ශක්තිය දුර්වලය. එවැනි ශාක බෝකර ගැනීමට වර්ධක ප්‍රචාරණය ඉතාම වැදගත් වේ.
වර්ධක ප්‍රචාරණයේදී හදිසියෙන්ම වාගේ විකෘති වූ අංකුර වලින් නව ශාක බිහිවිය හැකිය. එවැනි ශාක වර්ග උසස් ලක්ෂණ වලින් යුක්ත නිසා වටිනාකමද අධික වේ. එම ශාක බෝකර ගත හැක්කේද වර්ධක ප්රචාරණයෙනි.
අළුත් පරිසරවලට සුදුසු ශාක විශේෂ බිහිකර ගැනීම සඳහාත් වර්ධක ක්‍රම යොදා ගනු ලබයි. වර්තමානයේ වර්ධක ප්‍රචාරණය මගින් රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය ව්‍යාපාරික කෘෂිකාර්මික මට්ටම දක්වා දියුණු වී ඇත. වර්ෂය පුරාම රෝපණ ද්‍රව්‍ය ලබාගත හැකි වීමෙන් ඉක්මනින් වැඩිපුර ශාක සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි වීමත් ආර්ථීක ඵලදායීතාව වැඩිවීමට හේතු වේ.
වර්ධක ප්‍රචාරණය සඳහා සමහර ශාක ස්වභාවික ලෙස අනුවර්තනය වී ඇත. අනෙත් ශාක කෘතිම ක්‍රම යොදා වර්ධක ප්‍රචාරණය කළ හැකිය.
ස්භාවික වර්ධක ප්‍රචාරණයේදී පඳුරු වෙන් කිරීම සහ ඛෙදීම යන ක්‍රියාවලින් උපයෝගී වේ. වෙන්වීම ස්භාවික කෝම සහ බල්බ වල සිදුවේ. ඒවායේ මුල් හටගත් කොටස් වර්ධක කාල සීමාව අවසානයේ අළුත් ශාක වශයෙන්ද ස්භාවිකව වෙන්වී වැඩේ.
ධාවක, බල්බිල, ආදිය වෙන්කර ගැනීමෙන් ප්‍රචාරණයට ලබා ගනී.
ආකන්ද, රයිසෝම හා මෙරෙයියන් ඛෙදීම සිදු කිරීමෙන් නව ශාක ප්‍රචාරණය කරගනියි.
ස්භාවික වර්ධක ප්‍රචාරණය සඳහා
1. ධාවක 2. බල්බ 3. බල්බිල 4. ස්කන්ධාකන්ද
5. කෝම 6. රයිසෝම 7. මොරෙයියන්