යම්කිසි ශාකයකින් එම වර්ගයේම නව ශාකයක් බිහි කරගැනීම හෝ බිහි වීම ප්‍රචාරණය යනුවෙන් හඳුන්වනු ලැබේ.
ශාක වර්ග බීජ මගින් ප්‍රචාරණය වන්නේ නම් එය බීජ ප්‍රචාරණය හෝ ලිංගික ප්‍රචාරණය ලෙස හඳුන්වයි.
බීජ හැර ශාකයේ වෙනස් කොටස් මගින්, නව ශාක බිහිවීම හෝ බිහිකර ගැනීම් සිදුවේ නම්, අලිංගික ප්‍රචාරණය හෝ වර්ධක ප්‍රචාරණය ලෙස හඳුන්වනු ලබයි.