ක්ෂේත්රයේ කාණු දමන ආකාරය පොළොවේ පිහිටීම අනුව කළ යුතුය. බෑවුම සහිත බිමක ජලලය බැස යන ස්වාභාවික ආකාරයට කාණු දැමිය යුතුය. සමතලා බිමක වෙනස් ක්‍රම භාවිතා කළ හැකිය. කාණු දමන ප්‍රධාන ක්‍රම 3 ක් වෙයි.
හෙන්රි බේන් පද්ධතිය
මත්ස්‍යයකුගේ ඇට සැලකිල්ලක ආකාරයකට මෙම කාණු පද්ධතිය යොදන නිසා, හෙරින් බෝන් ක්‍රමය යනුවෙන් ව්‍යවහාර වේ. වගා භූමියේ මධ්‍ය ප්‍රදේශය පහත්ව දෙපසින් උස්ව පිහිටි විට මෙම ක්‍රමය වඩා යෝග්‍ය වේ. ක්ෂේත්රයේ මැද ප්‍රධාන බැස්ම 100:1 ක් අනුපාතය වන සේ පිළියෙල කර එයට සම්බන්ධ වීමට දෙපසින් පාර්ශ්වික කාණු දිගේ පැමිණෙන අතිරික්ත ජලය ප්‍රධාන කානුව තුළට එකතු වී ඉවතට ගලා යයි.
සාමාන්තර පද්ධතිය
වගා භූමිය සම මට්ටමට හෝ එක් පැත්තකට පමණක් සුළු වශයෙන් බෑවුම් ව ඇති නම්, සමාන්තර කාණු පද්ධතිය ඛෙදිහ හැකිය. වගා භූමියේ සෑම තැනම නියෝජනය වන සේ නියමිත පරතරයක් සහිතව සමාන්තර පාර්ශවීක කාණු ඇති කර එය ප්‍රධාන කාණුවකට සම්බන්ධ කරනු ලැබේ. ප්‍රධාන කාණුවේ මගින් ක්ෂේත්රයෙන් පිටතට ජලය ඉවත් කරයි.
ග්‍රීඩ් අයන් පද්ධතිය
ඊහලින් එක් දිශාවකට බෑවුම් ව ඇති පහළ කෙළවර දි වගා භූමිය මැදට ක්‍රමයෙන් බෑවුම් වන ආකාරයේ ඉඩම් සදහා ග්‍රීඩ් අයන් පද්ධතිය යෙදිය හැකිය.
ක්ෂේත්රය හරහා දමා ඇති පාර්ශ්වික කාණුවලින් ගළා එන අතිරික්ත ජලය පොදු කාණුවකින් ක්ෙෂේත්රයෙන් පිටතට ගළා යයි.
ජල වහනය සදහා භූගත කාණු යෙදීමේ දි සැලකිය යුතු කරුණු
1. ප්‍රධාන කාණුවට වඩා අඩු බැස්ම අතුරු කාණුවල තිබීම
2. ප්‍රධාන කාණු හැකි තාක් ස්වාභාවික ජලය බැස ස්ථානවල තිබීම
3. හැකි පමණ කෙළින් කාණු තැනීම සහ එසේ කළ නොහැකි විට පහසු නැමි සහ වංගු යොදා ගැනීම
4. පාර්ශ්වික කාණු දිගට ගෙන සමහර ස්ථානවල දෙවතාවක් ජල වහනය කිරිම
5. වියදම් අඩු කර ගැනීම සදහා ජල වහනය කාර්යක්ෂමව ඉටු වන සේ කාණු තැනීම
ඉහත ක්‍රමවලින් ජලය ඉවත් කළ නොහැකි අවස්ථා වලදී, එනම් වගා භූමිය අවට ප්‍රදේශවලට වඩා පහත් වු විට, කුඩා ළිංවලට පොම්ප මගින් ජලය එක් රැස් කර ක්ෂේත්රයෙන් ඉවත් කිරීම සදහා වෙනත් පොම්පයක් යොදා ගත යුතුය.