මෙහිදි ජල වහනය සිදු කරන්නේ මතුපිටින් නොවසන ලද විවෘත කාණුවලිනි. පොල්, රබර්, ඉඩම්වල සාදා ඇති මෙවැනි කාණුවලට අතිරික්ත ජලය එක් වේ. වගාව සදහා යොදන බිම් ප්‍රමාණය අඩුවිම මෙහි අවාසියක් වේ. පාංශ= ඛාදනය සිදු නොවන ආකාරයට ජලය බැසීමේ වේග සීමා නොඩක්මවීමට පස අනුව කාණු සැපයිය යුතුය.
1. මැටි පස - උපරිම වේගය, තත්පරයට අඩි 4- 5
2. වැලි පස - උපරිම වේගය, තත්පරයට අඩි 1 1/2 -2
3. ලෝම පස - බෑවුම ද පසේ ස්වභාවය අනුව වෙනස්වීම අවශ්‍ය වේ.
භූගත ජල වහන ක්‍රම
සෙන්ටි මීටර් 90 ක් පමණ ගැඹුරින් මතුපිටින් වසන ලද කාණු මගින්, ජල වහනය කර ගැනීම මෙහිදි අදහස් කෙරේ. මේවා ඇත්තෙ පොළව යට නිසා වගාවට යොදා ගත හැකි භූමි ප්‍රමාණයට හානි නොවේ. මෙවැනි කාණු වර්ග කිහිපයකි.
1. ලි. කාණුව - කාණුව පතුලට ලොකු ලී කොටන් යොදා කුඩා කොටස් එයට උඩින් දමා, ඊට උඩින් ලී කැබලි දමා අතුරා වසා දැමීම මෙහිිදි කරයි. පවතින කාල සීමාව කෙටිවීම මෙහි අවාසියක් වන අතර, ලී සපයා ගැනීම දුෂ්කර නිසා වර්තමානයේ භාවිතය අඩු වි ඇත.
2. උළු කාණු - මැටිවලින් තැනු කුඩා සිදුරු සහිත, සිලින්ඩරාකාර උළු කැට මෙහිදි කාණුවේ වළලයි.
ගල් කාණු
සෙ.මි. 60-90 ක් පමණ ගැඹුරට කපන කාණුවේ අඩියේ සෙ.මි. 25 ක් පමණ විශාල කළු ගල් අතුරයි. ඉන් පසු ඒ මත ක්‍රමයෙන් කුඩා ගල් ඇතිරීමෙන් පසු, පස් දමා වසනු ලැබේ. අතිරික්ත ජලය ගල් අතරින් කාන්දු වී ඉවතට ගලයි.
කොඩොල් කාණු
කොඩොල් නගුලක් ට්‍රැක්ටරයක ආධාරයෙන් යොදා ගනිමින්, පස තුළ සාදන සිදුරු අවකාශයක් ඔස්සේ ජලය බැස්සවීම මෙහිදි සිදු කෙරේ. සෙ.මි. 7 1/2 ක් පමණ විශ්කම්භය ඇති මෙම කාණු සිලින්ඩරාකාරය. සෙ.මි. 30 ක් පමණ ගැඹුරින් සාදන මෙම කාණුව තුළින් ක්ෂේත්‍රයේ අතිරික්ත ජලය ඉවතට ගලා යයි.
ගඩොල් කාණු
අතීතයේ බහුලව භාවිතා කර ඇත. පතුලේ සිට යම්කිසි ප්‍රමාණයක් ගඩොලින් බැද තිබීම මෙහි විශේෂය වන අතර, එය දිගු කාලයක් භාවිතා කළ හැකිද වේ.