ජල වහනයේ වලපෑම
 

ජල වහනය

යම්කිස් වගා බිමකට අතිරික්තව ඇති ජලය ඉවත් කිරීම, ජලවහනය ලෙස හැදින්වේ. මෙහිදි ක්ෂේත්‍ර ධාරිතාවට වැඩිපුර ඇති ජලය අතිරික්ත ජලය ලෙස සලකනු ලබයි.

ජල වහනයේ දුර්වලවීමට හේතු :
1. භූ ජල මට්ටම පොළව මතු පිටට ආසන්නව පිහිටීම
2. ඹැටි පස්වල ජලය කාන්දුවීමේ සීිග්‍රතාවට වඩා වැඩියෙන් ජලය එක් රැස්වීම
3. මෝල් බෝඩ් නගුල වැනි කෘෂි උපකරණ අඛණ්ඩව භාවිතයෙන් පස තුළ ඇතිවන තද ස්වරයෙන් ජලය පස තුළට කාන්දුවීමට බාධා කිරීම නිසා.

දුර්වල ජල වහනයේ අහිතකර බලපෑම්
1. පසේ වාතනය දුර්වල වීම නිසා බෝග මුල්වල ක්‍රියාකාරීත්වය සහ පාංශ= ජීවින්ගේ ක්‍රියාකාරිත්වය අඩපණ වීම.
2. පස මඩවීම නිසා උපකරණ භාවිතය අපහසුවිම
3. බැක්ටීරියා, දිලීර වැනි රෝග කාරක ජීවින් අධික වර්ධනය වීම
4. මුල් පස මතුපිට පමණක් විහිදීමෙන් ශාකවල ස්ථාවර භාවයට හානි සිදුවීම
5. නිර්වායු බැක්ටීරියා මගින් මේතේන්, හයිඩ්‍රජන් සල්ෆයිඩ් වැනි යුෂ වායු නිපදවී බෝගවලට හානිකර වීම
6. පසේ ව්‍යුහය දුර්වලවීම
7. ලවණ සහ ක්ෂාර සේදි නොගොස් රැස්වීම නිසා, වැඩිවන ලවණ සහ ක්ෂාර බෝගවලට අහිතකර වීම
8. පසේ උෂAණත්වය අඩුවිම නිසා බීජ ප්‍රරේහණයට බාධා සිදුවීම
9. යොදන පොහොරවල උපරිම කාර්යක්ෂමතාවට හීන විම

ජල වහනය කිරීමේ ප්‍රධාන අරමුණ බෝගවගාවට සුදුසු පසක් ඇති කිරීමයි.

(c) Shilpa Sayura Foundation 2006-2017