බිංදු ජලසම්පාදනය
 

රෝගියෙකුට සේලයින් ලබාදීමේ ක්‍රියාවලිය මෙන් මෙහිදි ශාකවල මූල පද්ධතිය අසලට බිංදු ආකාරයෙන් ජලය ලබාදී ශාකයේ ජල අවශ්‍යතා සපුරාලීම සිදු කරයි. මෙහිදි ටැංකියකින් ප්‍රධාන සැපයුම් නලයකට ජලය සපයා එම ජලය අතිරේක සැපයුම් නළ මගින් ක්ෂේත්‍ර කරා ගෙන යාමට පාර්ශ්වික නළ උපකාරි කර ගනි. පාර්ශ්වික නළ බෝග අසල දී සිදුරු කර ඇති අතර, ජලය පිටවීමට විමෝචනයක් සවි කර ඇත. බටු, මිරිස්, කෙසෙල්, පොල් වැනි බෝග සදහා යෙදිය හැකි මෙම ක්‍රමය සදහා මූලධනය අධිකව වැයවේ. වල් මර්ධනයේ දි නළ වලට හානි සිදුවිය හැකි අතර, විමෝචන හිර වීම නිසාද හැනි විය හැකිය. මෙහිදි අවශ්‍ය වන ජල ප්‍රමාණය අඩු නිසා මහා පරිමාණ වගාවලට සුදුසුය.

මෝට් යන්ත්‍රය, දිය රෝදය, ආඩියා යන්ත්‍රය, පද්දන ගොටුව අත් පොම්පය, පර්සියන් විල් උපකරණයථ වූෂණ පොම්පය, ඇබ්සීනියන් පොම්පය, ජල ආරෝහණය සදහා අවශ්‍ය වේ. තමාගේ ආර්ථීක තත්ත්වය, බෝගයේ ස්වාවය, පසේ ස්වභාවය, දේශගුණය, භූ විෂමතාවය ජල ප්‍රමාණය අනුව ජල සම්පාදන ක්‍රමය තෝරා ගත යුතුය. ජලය කොටස් ලක්ෂයකට ලවණ කොටස් 100 ට වැඩි නම්, එම ජලය බෝගවලට අහිතකර බව සැලකිය යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017