භූගත ජල සම්පාදනය
 

පොළව යටින් සවි කරන ලද, කුඩා සිදුරු සහිත නළවලින් බෝගයේ මූල පද්ධතිය සහ ජලය ගෙනයාම කරනු ලැබේ. බෝග සිටුවීමට පෙර නල සවි කරනු ලබන්නේ බෝගයේ මුල් වැඩෙන මට්ටමට සමාන ගැඹුරකිනි. නල තුළට සපයන ජලය නළවල ඇති සිදුරු තුළින් බෝගයේ මුල්වරට උරා ගැනිමට හැකිය. ප්‍රධාන සැපයුම් නලයකින් නළ පද්ධතියට ජලය සපයනු ලබයි.

මෙහි ඇති අවාසීන් වනුයේ ප්‍රාග්ධන අවශ්‍යතා අධිකවීමත්, අතුරුයත් ගෑම් වැනි කටයුතු වලදි නළ පද්ධතියට හානි සිදුවිය හැකි වීමත්, පස් ගල් සහ මුල්වලින් අවහිරවීමේ දුෂ්කරතා ඇතිවීමත් නිසාය. සවිවර තද පසට නුසුදුසුවීමත්, පස සමතලාව පවත්වා ගැනීමට සිදුවීමත් මෙහි ඇති අනෙක් අවාසී වේ.

ශාක ගෘහයන් ඇති කිරීමේදීත්, කොරටු ගොවිතැනේදිත් මේ ක්‍රමය පහසුවෙන් භාවිතා කළ හැකි වේ. වාෂ්පීකරණයෙන් අපතේ නොයාමත් අවශ්‍ය කරන ජල ප්‍රමාණය අඩුවීමත්, සූක්ෂමව ජලය පාලනය කළ හැකි වීමත් සාර්ථකව ජලය සැපයීය හැකිවීමත්, වැසි සහගත වේ. මතුපිට පස වසුනක් ලෙස භාවිතා කරන නිසා, වාෂ්පීකරණය අඩුවීමත් වල් පැළෑටි වර්ධනය අවමවීමත් තවත් වාසි වේ.

(ස්ප්‍රිංක්ලර් ජල සම්පාදනය) පොළව මතුපිට සවි කර ඇති යම්කිස් වේගයකින් කරකැවෙන නොසලයකින් වර්ෂාවක මෙන් ජලය සපයනු ලබයි. එක නොසලයකින් ජලය ලගටත්, (ස්ප්‍රේඩරිනැසින්න) තවත් නොසලයකින් ජලය දුරටත් (රේන්ජ් නැසින්න) සපයන නොසල් දෙකක් භාවිතා කරන අවස්ථා ඇත. මෙහිදි අධික පීඩනය යොදා ජලය වායු ගෝලයට මුදා හරි. නල එහා එමහා කිරීමෙන් විශාල ප්‍රදේශයකට වුවද, මේ ක්‍රමය යෙදිය හැකි වේ. මේ හැරුණු විට සජිද්‍ර නල සහිත ඉසින ජල සම්පාදන ක්‍රමයක් ද වේ.
ඵස තුළට ජලය කාන්දු වන වේගයට වඩා අඩු වේගයකින් ක්ෂේත්‍රයට ජලය සැපයීම වැදගත්ය. ඉසින ජල සම්පාදනයෙන් අවාසි සහගත තත්ත්වයන් වනුයේ ක්‍රියා කිරීමට තාක්ෂණික දැනුම අවශ්‍යවීමත් හොද දිය හිසක් අවශ්‍ය වීමත්, මූල ධනය අධික වීමත්, නල එහා මෙහා ගෙන යාමට කම්කරුවන් අවශ්‍යවීමත් සුළග ඹගින් නලවල ක්‍රියාකාරීත්වය සදහා බාධා පැමිණවීමත්, උස් ශාක සදහා භාවිතා කළ නොහැකි වීමත් යක කරුණු මතය.

එහෙත්, පද්ධතිය සවිකර ගැනීමෙන් පසු මූල ධනයට සරිලන ප්‍රයෝජන ලැබේ.
1. භූමියේ සෑම පෙදෙසකම ඒකාකරීව ජලය ලබාදිය හැකිවීඹ
2. ක්ෂේත්‍රය සමතලා කිරීමත්, අවශ්‍ය නොවීම
3. සෑම භූමියක් සදහාම යොදා ගත හැකිවීම
4. ජලය අපතේ නොයාම
5. පොහොර ක්ෂීරණයවීම වැළකීයාම
6. මුල්වල ගැඹුර සහ සමාන වන අවස්ථාවේදි ජලය සැපයීය හැකිවීම
7. සෝදාපාළුව වැළකීම
8. බෝගයේ අවශ්‍යතාවය අනුව පමණක් ජලය සපයා ජලය ඉතිරි කර ගැනීම
9. සමහර පොහොර වර්ග ජලය සමග මිශ්‍ර කර ඉසිය හැකිවීම
10. අවශ්‍ය ප්‍රමාණයටම ජලය සැපයීය හැකි නිසා දිගු කාලීනව පසේ ක්ෂාරිය හෝ ලවණතාවයන් පාලනය කිරීම එම ප්‍රයෝජනයන් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017