මෙය වළලූ ජල සම්පාදනය ලෙස ද සමහරු හදුන්වති. රවුම් බේසම් ක්‍රමයෙන් වෙනස් වනුයේ ජලය ශාකය වෙත කෙළින්ම ස්පර්ශ නොවන ආකාරයට බේසම මැද බිම කොටසක් ඉතිරි කර ඇති බැවිනි. මෙහිදි බෝග ශාකවලට යාබදව පහත් බිම් සාදා රැස්වීමට ඉඩ හරි. පැළය වටේට වෘත්තාකාර ඇළි හැරීමෙන් හෝ ශාක අතර තුර පාත්‍ර ආකාරයට වළවල් සැකසීමෙන් හෝ වැටි බැදීමෙන් මේවා පිළියෙල කරයි.