බේසම් ජල සම්පාදනය
 

මෙම ක්‍රමය යාපනයේ රතුලුණු ගොවින් බහුලව භාවිතා කරන අතර මුං,කව්පි,සොයා බොංචි, ආදිය වගාවේදි භාවිතා කරය. මෙහිදි හතරක් බේසම් ක්‍රමය භාවිතා වුවත් අලිපේර, අඹ, සැතපිල්ලා වැනි බෝග සදහා රවුම් බේසම් ක්‍රමය යොදනු ලැබේ.

හතරැස් බේසම් පිළියෙල කරන විට ක්ෂේත්‍රය පස වැටි වලින් කොටස් වලට ඛෙදා ගනි. බේසම් සීමා වනුයේ වැටි 4 කිනි. සැපයුම් ඇලත් මගින් බේසම් පේලි 2 ක අතර ඇති ක්ෂේත්‍ර ඇලට ජලය සපයයි. බේසමට අවශ්‍ය පමණ ක්ෂේත්‍ර ඇලෙන් ජලය ලබාදීමෙන් පසු ජල සැපයුම නතර කරයි.

රවුම් බේසම් ක්‍රමය හතරැස් බේසම් ක්‍රමයෙන් වෙනස් වනුයේ ක්ෂේත්‍ර ඇලේ සිට බෝගය දක්වා ද කුඩා කාණුවකින් ජලය සැපයීමත්, බේසම් රවුම් හැඩය ගැනිමෙනුත්ය. එක් එක් ශාකයට එක බේසම බැගින් පිළියෙල කළ යුතු අතර, මේ ක්‍රමය අල බෝගවලදි භාවිතය සුදුසු නොවේ. මෙම ක්‍රමය බෑවුම් ඒකාකාරි වු සම මතුපිටක් සහිත භූමි සදහා යෝග්‍ය වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017