මෙය පිටාර ක්‍රමයෙන් වෙනස්වනුයේ ජලය වගා භූමියේ උසට රදා සිටීමට ඉඩ නොහැර වගා භූමිය සම්පූර්ණ තෙත් වීමට පමණක් අවශ්‍ය ලෙස ජලය සැපයීම නිසාය. ක්ෂේත්‍රය ජලය සපයන ඇලේ සිට දික්ව විහිදෙන සේ තීරුවලට ඛෙදිම සදහා පස් වැටි යොදනු ලැබේ. පටු අතට සම මට්ටම් ලෙස සකසන පාත්ති දික් අතට ඒකාකාරීව බෑවුම් වන ලෙස මෙහිදි සකස් කරයි. ජලය සැපයීම ආරම්භ කල විට ඇලට ආසන්න පාත්තියේ ඇල පෙදෙස පළමුවෙන් තෙත් වී ජලය පාත්තිය අවසානය දක්වා ගමන් කරයි. ඉන්පසු එම පාත්තියට ජලය සැපයීම නතර කර ඊළග පාත්තියට ජලය සැපයීය යුතුය. තීරු පාන්තියේ දිග අඩු විය යුතු අතර කාන්දුවීමේ සීඝ්‍රතාව අඩුනම් තීරු පාත්තියේ දිදග නැඩි විය යුතුය.
තිරිගු, සොයාබෝංචි, මුං ඇට, කව්පි ගෝචර තණ ආදිය එකිනෙකට සමීපව වගා කරන බෝග සදහා මෙම ක්‍රමය වඩාත් සුදුසුය. වාෂ්පීකරණයෙන් ජලය අපතේයාම, භූමිය මට්ටම් කිසිම අවශ්‍ය වීම වැලිපස හා මැටිපසට යෝග්‍ය නොවීම, වැඩි ජල ප්‍රමාණයක් අවශ්‍යවීම යන දුර්වලතා මෙහිදි තිබුනත් මෙම ක්‍රමය අඩු ශිල්පීය දැනුමකින් හා අඩු මුල ධනයකින් ක්‍රියාත්මක කළ හැකිය.