පිටාර ජල සම්පාදනය
 

නිදහස් ජලය ක්ෂේත්‍රය තුල ගලා යාමට හා පැතිරයාමට මෙහිදි සලස්වති. මෙය කුඹුරු වල වී වගාවේදි බහුලව දක්නට ඇත. එක් ක්‍රමයකදී වගා භූමියේ ලියැදි සකස් කර පාත්ති පිළියෙල කිරීමක් කරනු ලබයි. එය තුලට ගලා එන ජලය භූමියට උරා ගැනීමට සලස්වයි. අනෙක් ක්‍රමයේදි ජලය තුනි තට්ටුවක් ලෙස මතු පිටින් ගලා යන්නට සලස්වයි. මෙහිදි කාලයත් කම්කරු වියදම අඩු වුවත් ජලය විශාල ප්‍රමාණයක් අපතේ යයි. පිටාර ජල සම්පාදනය පහසුවෙන් එතරම් සුදුසු නොවෙයි. මැටි පසද ජලය රැදීමෙන් ඉක්මනින් මඩ වී උපකරණ භෘවිතය අපහසු කරන නිසා පිටාර ජල සම්පාදනය එතරම් සුදුසු නොවේ. පිටාර ජල සම්පාදනයේදි වාෂ්පීකරණයෙන් ජලය අපතේ යාමක්ද සිදුවිය හැකිය. එමෙන්ම සෑම බිමකටම ඒකාකාරීව ජලය සැපයිම දුෂ්කර වේ. මේ සදහා අවශ්‍ය කරන ප්‍රාග්ධනය හා ශිල්පීය දැනීම අඩු අතර විශාල ජල ප්‍රමාණයක් අවශ්‍ය වීම අතුරු යත් ගෑමේදි මඩ සහිත වීමත්, සමහර ශාක වලට අහිතකර වීමත් පිටාර ජල සම්පාදනයේ අවාසි වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017