ස්වභාවික වර්ෂාවෙන් හෝ කෘතිමය ජලය ලබාදීමෙන් හෝ ශාක වලට ජල සම්පාදනය කරනු ලැබේ. වැසි රහිත කාල වලදි ජලය ලබාදීමට පුරාණයේ වැව් ඉදිකළාක් මෙන්ම වර්තමානයේ විශාල වාරිමාර්ගඉදිකිරීමටද සිදු කොට ඇත.
ජලය හිගකම මෙන්ම ජල අතිරික්ත වීමෙන් වගුරුබිම් ඇතිවීම වැනි ගැටලූද පැනනැගි ඇත.
ශාක සෛල වල 80% ක් පමණ ජලයෙන් යුක්තය. සෛල වල ශුන්‍යතාවය එමගින් පවත්වා ගනී. ජල හිගතාවකදි එන්සයිම හා හොර්මෝන ක්‍රියා අඩපණ වීම සිදුවේ. එමෙන්ම ආහාර නිෂ්පාදනය ශ්වසනය වැනි ජීව ක්‍රියා අක්‍රියවීමද සිදුවේ. දුර්වල කදන් සහිත ශාක බිහිවේ. ප්‍රභාසංස්ලේෂණයට ජලය අත්‍යවශ්‍ය සාධකයක් වේ. පුටීකා වීවෘත වීම කෙරෙහි ජලය විශාල බලපෑමක් සිදුකරන නිසා ජලය හිග වන විට කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණ ක්‍රියාවලිය අඩුවේ. එවිට අවශ්‍ය වායු හුවමාරුව සිදු නොවීම නිසා ෙසෙල විභාජනය අඩපන වී වර්ධනය දුර්වල වීම සිදුවේ. ජලය මගින් ශාක තුල ආහාර පරිසංක්‍රමණය සිදුවේ. ගෙඩි කුඩා වේ. මල් අඩුවේ.
එමෙන්ම බීජ ප්‍රරෝහණයටද ජලය අත්‍යවශ්‍ය වේ. ජලය අඩු වු එන්සයිම ක්‍රියා ඇනහිටීමෙන් බීජ ප්‍රරෝහණය වැළකේ.
පොල්, පුවක් වැනි සමහර ශාකවල බීජ හා ඵල ව්‍යාප්තියට ජලය ආධාර කරයි. පාංශු ජීවින් සක්‍රීය කිරිමට ජලය අවශ්‍ය වෙයි.
පෝෂක ශාකවලට ලබාගත හැක්කේද ඒවා ජලයේ ද්‍රාවණය වී අයන වලට විඝටනය වීමෙනි. වී වගාවේදි බිම පිළියෙල කිරීමටද ජලය ඉතා වැදගත් වන අතර සමහර ගොඩබිම් බෝග වලට බිම් සකස් කිරිමට අවශ්‍ය වන පාංශ= තෙතමනය පවත්වා ගන්නේද ජලයයි.
ස්වභාවික වර්ෂාපතනයෙන් ලැඛෙන ජලය ශාක වලට ප්‍රමාණවත් නොවන අවස්ථාවලදි කෘතිමව ජල සම්පාදනය සිදුකල යුතුය. එය කල යුත්තේ එම පස ක්ෂේත්‍ර ධාරිතාවට පත්වන තෙක්ය. පී.එෆ්. අගය 2.7 යි. මැලවීමේ අංකයත් පී.එෆ්. 4.2 අතර ජලය ශාකවලට ලබාගත හැකිය. යම් අවස්ථාවක එලෙස ලබාගත හැකි ජල ප්‍රමාණය හරි අඩකින් අඩුවන්නේ නම් එවිට වහාම ජල සම්පාදනය ආරම්භ කළ යුතුය.
ජල සම්පාදනය මගන් ලබාදෙන ජලය, වාෂ්පීකරණය හා උත්ස්වේදනය යන ක්‍රියාවලියන් මගින් නැතුව යාම නිසා නැවත නැවතත් ජලය සැපයීම අවශ්‍ය වේ. එක් ජල සැපයුමක සිට ඊළග ජලය සැපයෙන කාලාන්තරය තීරණය කරන්නේ ඉහත සදහන් පරිදි ශාකවලට ලබාගත හැකි වු ජලය වන මැලවීමේ අංකයත්, ක්ෂේත්‍රධාරිතාවත් අතර වන ජල පරිමාවෙන් 50% ක් අඩුවීමට ගතවන කාලය අනුව වේ.
ජලය සැපයීය යුතු ක්‍රමය තීරණය කරන්නේ වගාකරන බෝගයේ ස්වභාවය, වගාකරන පසේ ස්වභාවය, ලබාගතහැකි සම්පූර්ණ ජලය ප්‍රමාණය සහ යම්කිස් කාල ඒකකයදී ලබාගත හැකි ජල ප්‍රමාණය අනුවය.
තත්පරයකදී ගලායන ජලය ඝන අඩිවලින් දක්වා ජල සම්පාදනයේදි ජලය මනිනු ලැබේ.
ඔක් තත්පරයකදි ගලායන ජලය ඝන අඩියක් වු විට කියුසෙක් එකක් ලෙස සලකනු ලැබේ.
එවිට විනාඩියකට ගැලූම් 450 ක් එම වේගය අනුව ලැඛෙන විට එම වේගයෙන්ම පැයක් ගලාගියහොත් එය අක්කරයක භූමියක් අගලක් උසට ජලයෙන් පිරවීමට සමත් වේ. අක්කරයක්, අගලක් ජලයෙන් පිරි ගිය විට, අක්කර අගල, ජලය මනින මිනුමක් ලෙස භාවිතා කරයි.
ජලය කියුසෙක් එක බැගින් අඛණ්ඩව සැපයමෙන් සාර්ථකව වගාකල හැකි බෝග අක්කර ගණන ,ජල මාත්‍රාව, ලෙස හැදින්වේ.
එය වතුර මනින ස්ථානය, ඇල පතුල, දේශගුණය, ඉඩම් සූදානම් කිරිමට භාවිතා කරන උපකරණ අනුව වෙනස් වේ.
ජල සම්පාදනය ක්‍රම ලෙස හදුන්වන්නේ ජලය ලැඛෙන ප්‍රභවයේ සිට බෝගය වගාකර ඇති ක්ෂේත්‍රය දක්වා ජලය ගෙන යන ආකාරය වේ. මෙහිදි ප්‍රධාන ක්‍රම 4 ක් හදුන්වාගෙන ඇති අතර ඉන් සමහර ක්‍රමයක් තුල වෙනස් විධි කීපයක් අඩංගු වේ.