1. අවශ්‍ය ද්‍රව්‍ය පිදුරු, කි. ග්රෑ. 150, ගොම, යූරියා, ජලය, ලණු, ලී රාමුව.
2. පිදුරු කිලෝ ග්‍රෑම් 1 ක් පමණ ගන්න.
3. වියෝජනය ඉක්මන් කර ගැනීම සඳහා එම පිදුරු සෙ. මීටර 10, 15 ප්‍රමාණයට කපා ගැනීම කරන්න.
4. භාවිතා කරන දිනට පෙර දින පිදුරු මත ජලය යොදා ගන්න.
5. ශක්තිමත්ව ලෑලි රාමුව අවශ්‍ය පමණ දිගට යොදා ගත යුතුයි.
6. ලෑලි රාමුව තැනිතලා භූමිය මත තබන්න.
7. එම රාමුව තුළ පිදුරු තට්ටු වශයෙන් ගොඩ ගසන්න.
8. එම පිදුරු මත හොඳින් ජලය යොදා හෙමින් පෑගීම කරන්න.
9. සෙ. මී. 30 ක් උසට පිදුරු තට්ටුව ගසා ගත් පසු ලෑලි රාමුව උස් කරන්න.
10. ඒ මත සෙ. මීටර 10 ක් හෝ 15 ක් පමණ ගොම හෝ සත්ව පොහොර ඒකාකාරීව පුරවන්න.
11. ඒ මත යූරියා ස්වල්පයක් ඉසින්න.
12. මාධ්‍යය උදාසීනව පවත්වා ගැනීමට අළු හුණු හෝ අළු ස්වල්පයක් ඉසින්න.
13. නැවත ජලය ස්වල්පයක් විසුරුවා හරින්න.
14. නැවත ලෑලි රාමුව තබා ඒ මත පිදුරු තට්ටු දමමින් ජලය දමමින් පෑගීම කරන්න.
15. මේ ආකාරයට පිදුරු තට්ටු / ගොම මාරුවෙන් මාරුවට එක් කරමින් සම්පූර්ණ උස මීටරයක් පමණ වන ලෙස යොදන්න.
16. වර්ෂාවෙන් පෝෂ්‍ය පදාර්ථ පිටවීමත් වියලීම නිසා වන හානිය වැළැක්වීම සඳහාත් වැඩි උෂ්ණත්වයක් රඳවා ගැනීම සඳහාත් කලූ පොලිතීන් එකකින් මෙම ගොඩ වසා ඉන් පසු ලණුවලින් බඳින්න.
17. පිදුරු ගොඩගසා දින 14 කින් පසු පෙරළීමෙන් වියෝජනය ඒකාකාරී ලෙස සිදුවෙයි.
18. නැවත පෙර සේම ගොඩගසා ගන්න.
19. පිදුරු කි. ග්රෑ. 100 ක් සඳහා යූරියා කි. ග්රෑ. 1 ක් ජලය දමමින් පාගන්න.
20. ලංකාවේදී මාස 3 ක් 3 1/2 ක් පමණ පිදුරු වියෝජනයට ගත වේ.