පාත්තිය කෙළවර සිට සෙ.මි. 30 ඇතුළත පාත්තිය මැද විශ්කම්භය වර්ග සෙ. මීටර 30 ක හා ගැඹුර සෙ. මීටර 15 ක ප්‍රමාණයක සිලින්ඩරාකාර වලක් සකස් කර ගනු ලැබේ. මේ සඳහා සෙ. මීටර 5 ක් පමණ විශ්කම්භය ඇති පහසුවෙන් දිරා නොයන ලී හෝ උණ බම්බු සෙ.මී. 45 ක් පමණ උසට සකස් කර ගනු ලැබේ. එක් කොනක් උල් කර ගත් ලී පොළොව තුල සෙ.මී. 20 ක් පමණ ගැඹුරට සිටුවා ගන්න. ලී දෙකක් අතර පරතරය සෙ. මීටරයකට ආසන්න වීම සුදුසු වේ. මෙලෙස සාදන රවුම් බැරලයක් සෙ. මීටර 15 ක් පමණ ගැඹුරට සකසන ලද වලකට කාබනික පොහොර (කොළ පොහොර සත්ව පොහොර හෝ කොම්පෝස්ට් පොහොර) මෙය තුළට ගෙවතු අප ද්‍රව්‍ය ගලවන ලද වල් පැලෑටි, බිත්තර කටු, තේ රොඩු ආදිය යොදා රවුම් පුරවා ගත හැකිය.
සත්ව අපද්‍රව්‍ය යෙදීමෙන් දිරා පත්වීම ඉක්මන් වෙයි.
කූඩය වටයට සෙ.මී. 15 ක් ඈතින් රවුමට පැල ඒ ඒ ප්‍රභේදවලට නියමිත පරතරයට පිහිටුවන්නේ දින 6 කින් පමණ රවුම් තුලට ජලය යෙදීමෙන් පැල මුල් රවුම් දෙසට ගත හැක. රවුම් උඩින් නැවත ද්‍රව්‍ය යොදා ගැනීමෙන් අඛණ්ඩව කොම්පෝස්ට් ලබාගත හැක. මෙවැනි රවුම් අසල අල බෝල හා ආධාරක බෝග හැර ගෝවා, කෝකෝල්, මිරිස්, නිවිති, සලාද වැනි බෝග පහසුවෙන් වගා කළ හැකියි. රවුම් කුඩා තුලට රෝග වැලදුන බෝග කොටස් යෙදීමෙන් වළකින්න. මේ ක්රමයේ වාසි වනුයේ,
* කුකුළන් වැනි සතුන් කොම්පෝස්ට් ගොඩ ඇවිස්සීමෙන් වැළකීම.
* දැඩි නියඟයකදී වුවද ජලය සංරක්ෂණය වීම.
* ඊලඟ වතාවට පාත්ති පිළියෙල කරන විට රවුම්වල ඇති කොම්පෝස්ට් විසුරුවා හැර නැවත සකස් කරගත හැකිවීම.