සිදුරු සහිත බැරල් ක්‍රමය
 

ආයතනයකට හෝ ගෙදරකට සුදුසු පහසු ක්‍රමයකි. දෙපැත්තෙම විවෘත කර ඇති තාර බැරලයක් හෝ හිස් තෙල් බැරලයක් මේ සඳහා යොදා ගත හැකිය. ඒ තැනින් තැන සිදුරු කර තැබීම වැදගත් ය. මෙම බැරලය වෘත්තාකාර ලෙස සකසන ලද ගඩොල් පේලියක් මත තබනු ලැබේ.

(මූලාශ්‍රය - ගෙවතු වගාව, කෘෂිකර්ම දෙපා. ප්‍රකාශන)
දෛනිකව ගෙදරක හෝ ආයතනයක එකතුවන අප ද්‍රව්‍ය හා මුලූතැන්ගෙයින් ඉවත ලන අළු මෙම බැරලයට යොදනු ලැබේ. සති 6 කින් පමණ මෙම බැරලයේ පතුලෙන් කොම්පෝස්ට් ලබාගත හැක.

 

(c) Shilpa Sayura Foundation 2006-2017