දින 24 ක්‍රමයට කොම්පෝස්ට් සෑදීම
 

දින 24 රේ ක්‍රමය.
යොදන ද්‍රව්‍ය අනුව පාත්තියේ දින තීරණය කොට මීටරයක් උසට මීටර දෙකක් පමණ පළලට කඳු ආකාරයෙන් මෙහිදී ද්‍රව්‍ය ගොඩ ගසා ගනී. ඒ සඳහා යොදන ද්‍රව්‍ය සෙ. මීටර් 10 ත් 15 ත් අතර හෝ ඊටත් වඩා කුඩා කැබලිවලට කපා ගැනීම අත්‍යවශ්‍ය වේ. පොලිතීන්, කොහු, ප්ලාස්ටික් වැනි පහසුවෙන් නොදිරන ද්‍රව්‍ය එම ගොඩවලින් ඉවත් කිරීම ඉතා වැදගත් වේ. ගොඩ ක්‍රමයේදී භාවිතා කළ ආකාරයට කොම්පෝස්ට් සාදන ද්‍රව්‍ය සහ කොම්පෝස්ට් මාධ්‍ය තට්ටු වශයෙන් ගොඩ ගසන්න. එම තට්ටු මාරුවෙන් මාරුවට යොදමින් කන්දක් ලෙස මීටරයක් පමණ උසට ගොඩ නඟා ගන්න.

පළමු පෙරලීම දින 2 කින් කළ යුතුය. වටේට තිබුනු ද්‍රව්‍ය සහ අඩියේ තැන්පත්ව තිබූ කොටස් මැදට එන සේ කඳු නැවත සකස් කළ යුතුය.

 



දින 12 කින් පෙරළා ගන්න.
දෙවන පෙරළීම කරන්නේ දින 6 කිනිත එනම් පළමු පෙරළීමෙන් පසු දින 4 කින් නැවතත් පෙරසේම මිශ්‍ර කර තුන්වන පෙරළීම දින 9 කින් කළ යුතුය. එනම් දෙවන පෙරළීමෙන් දින තුනකට පසුව ය. නැවතත් හොඳින් මිශ්‍ර කර පෙර සේම කඳු ගසන්න. පෙරළීම සිදු කරන සෑම විටම වතුර ඉස තෙත් කිරීම අවශ්‍ය විය හැකිය.

දින 12 කදී නැවත පෙරළීමක් කරන්න. එනම් තුන්වන පෙරළීමෙන් දින තුනකට පසුව ය. එම අවස්ථාවේ දැව අළු ස්වල්පයක් මිශ්‍ර කිරීම වැදගත් ය.

ඉන්පසුව කොන් ආකාරයට ගොඩ ගසන්න. පොල් අතු හෝ පොලිතීන්වලින් ආවරණය කර දින 12 ක් එම ආකාරයෙන් ම තබන්න. පටන් ගත් දිනයේ සිට දින 24 කින් කොම්පෝස්ට් පොහොර ලබා ගත හැක.

(c) Shilpa Sayura Foundation 2006-2017