ගොඩ ක්‍රමයට කොම්පෝස්ට් සෑදීම
 

මෙම ක්‍රමයේදී කොම්පෝස්ට් සාදන ද්‍රව්‍ය පොලොව මත අසුරා එම තට්ටුවක් මත කොම්පෝස්ට් මාධ්‍ය තට්ටුවක් යොදා ආවරණය කරනු ලැබේ.

 



රූප සටහනේ දැක්වෙන ආකාරයට මෙම තට්ටු මාරුවෙන් මාරුවට යොදයි. දින 14, දින 30, දින 60 යනාදී වශයෙන් ද්‍රව්‍ය මිශ්‍ර කර නැවත ඒ ඒ හැම අවස්ථාවේදී ම පෙර පරිදි ගොඩ ගැසිය යුතුය.

එම ගොඩ නිතර පොලිතීන් හෝ මැටිවලින් ආවරණය කර තැබීම අවශ්‍ය වේ. වල ක්‍රමයේදී මෙන් සිරස් අතට කෝටු 4 ක්ද, ඊට අමතරව තැබීම අවශ්‍ය වේ. එසේ අවශ්‍ය වන්නේ සුදුසු පරිදි වාතය සැලස්වා දීමට ය.

(c) Shilpa Sayura Foundation 2006-2017