ටීටර් 10 ක් දිග ථීටර් 5 පළල සෙ.මි. 70 ක් ගැඹුරැති වලක් සාමාන්‍යයෙන් භාවිතයේ පවතිතත් රැස් කර ගත හැකි ද්‍රව්‍ය ප්‍රමාණය අනුව වලෙහි ප්‍රමාණය තීරණය කර ගත යුතුය.
වලෙහි පතුල පැත්තකට බෑවුම් වන සේ සකස් කිරීම අවශ්‍ය වනවාත් මෙන්ම වලට පිටින් බාහිර වැටියක් යෙදීම අවශ්‍ය වන්නේ වර්ෂා ජලය සෝදා ගෙන ටින් වලට වැටීම වැළැක්වීමට ය.
ගමනාගමනයට මාර්ග පහසුකම් සහිත ජලය පහසුවෙන් ලැඛෙන ස්ථානයක් අසල කොම්පෝස්ට් වල පිළියෙල කිරීම වැදගත් වන අතර ඒ වගා ක්ෂේත්රයට නුදුරින් කරන්නේ නම් වඩාත් සුදුසු ය.
(මූලාශ්‍ර - කාබනික ගොවියා - ප්‍රකාශන)
ද්‍රව්‍ය මිශ්‍ර කිරීමට වලෙහි එක් පැත්තක් ඉඩ තැබීම අවශ්‍ය වේ. එනිසා ද්‍රව්‍ය සිරවීමට පෙර ඒ සඳහා කටයුතු කළ යුතුය. ඉතා කුඩා කොටස්වලට යොදනු ලබන ද්‍රව්‍ය කපා තිබීම වැදගත් ය. ඊට පසු වලේ පතුල හොඳින් බුරුල් කර කෝටු කැබලි කීපයක් සිරස් අතට සිටුවා තබන්න. කොම්පෝස්ට් සාදා ගැනීමට යොදා ගන්නා ද්‍රව්‍ය තට්ටුවක් සෙ.මි. 10 ක් 15 ක් පමණ උසට වල පතුලේ අසුරන්න. ඉන්පසු කොම්පෝස්ට් මාධ්‍යය යොදා එම ද්‍රව්‍ය තට්ටුව හොඳින් ආවරණය කරන්න.
(මූලාශ්‍රය - කාබනික ගොවියා - ගැමි සේවා සෙවණ)
ඒ මත නැවත ද්‍රව්‍ය අතුරා පෙර සේම කොම්පෝස්ට් මාධ්‍යයෙන් ආවරණය කරන්න. මෙලෙස තට්ටු 7 ක් පමණ යොදා ගන්න. තුනී පස් තට්ටුවකින් වසන්න. දින 3 කින් සිරස් ලෙස සිටුවන ලද කෝටු කැබලි ඉවත් කරන්න. පළමු පෙරළීම දින 14 කින්ද, දින 30 කින් දෙවන පෙරළීම සිදු කර දින 60 කින් තුන්වෙනි පෙරළීමකින් සිදු කරනු ලැබේ. ද්‍රව්‍ය මිශ්‍ර කිරීමේදී අවශ්‍ය නම් පමණක් ජලය ස්වල්පයක් යෙදීම සුදුසු ය. දින 90 කින් පමණ මෙම කොම්පෝස්ට් පොහොර වගාවට ලබා දිය හැකිය.