කොම්පෝස්ට් සෑදීමට වඩාත් සුදුසුකම මිශ්‍රණය වන්නේ,
1. අමුගොම 5%
2. දිරූ කොම්පොස්ට් 15% 20%
3. මූත්‍ර මිශ්‍ර පස් 1% 2% ක් පමණ
4. දැව අලූ ස්වල්පයක්
බැලරයකට වතුර තරමකට ගෙන අමු ගොම දමා හොඳින් දිය කර ගන්න. මූත්‍ර මිශ්‍ර පස් සමඟ දිරූ කොම්පොස්ට් එකතු කර නැවත මිශ්‍ර කර ගන්න. ඉන්පසුව මාධ්‍යයේ ආම්ලිකතාව අඩු කර ගැනීමට දැව අළු යොදා හොඳින් මිශ්‍ර කර ගන්න. දියාරු පාප්පයක් ලෙසට මාධ්‍යය සකස්වන තුරු අවශ්‍ය පරිදි ජලය එකතු කරමින් මිශ්‍ර කරන්න
කොම්පෝස්ට් සැකසීමේ විවිධ ක්‍රම :-
ප්‍රධාන ක්‍රම දෙකක් ලෙස කාබනික ගොවියා ඉදිරිපත් කරයි.
1. ඉක්ඩෝ ක්‍රමය.
මේ ක්‍රමයට කොම්පෝස්ට් ලබා ගැනීමේදී මාස 3 ක් පමණ කල් ගත වන අතර එය වල හා ගොඩ ක්‍රමයට ලබා ගත හැකිය.
2. හොට් කොම්පෝස්ට් ක්‍රමය.
ඉතා ඉක්මණින් පොහොර ලබා ගත යුතු විටෙක මේ ක්‍රමයට සාදා ගත හැක. පොහොර ලබා ගැනීමට සති 3 ක් පමණ ගත වේ.
මෙම ක්‍රම දෙක තුළ විවිධාකාර ප්රභේදයන් තව දුරටත් විකාශනය වී ඇත. වඩාත් බහුලව භාවිතා වෙන ක්‍රම කීපයකි.
1. වල ක්‍රමය.
2. ගොඩ ක්‍රමය.
3. දින 24 රේ ක්ෂණික ක්‍රමය.
4. බැරල් ක්‍රමය.