* පෝෂක මූල ද්‍රව්‍ය ඉක්මනින් පසට මුදා හැරීමෙන් ක්ෂ්ද්‍ර ජීවි කි‍්‍රයාකාරීත්වය.
* පාංශු ව්‍යුහය දියුණු කරයි.
* පරිසර දූෂණය සිදු නොකරයි.
* පසේ වාතය සංසරණය පහසු කරයි.
* ජලය රඳවා ගැනීමේ ධාරිතාවය පසේ වැඩි කරයි.
* කොම්පෝස්ට් කි‍්‍රයාවලියේ දී ඇති වන අධික උෂ්ණත්වය රෝග සහ වල්පැල බීජ නැසීමට ආධාර වනවා මෙන්ම එම ක්‍රියාවලියේ දී පිටවන එතිලීන් වැනි වායු ද එයට ආධාර කරයි.
* පසේ සිදුවන ක්ෂණික වෙනස්විම් පාලනය කරයි.
* පස අධික ලෙස ක්ෂාරීය වීම හෝ ආම්ලික වීම වළක්වන ස්වාරක්ෂණයක් ලෙස කි‍්‍රයා කරයි.
* කැටයක හුවමාරු ධාරිතාව වැඩි කරයි.
* ක්ෂ්ද්‍ර ජීවී ගහනය වැඩි කරන නිසා අනෙක් පෝෂණ ලබා දීම පහසු කරයි.
කොම්පෝස්ට් යෙදීමෙන් පසු පස තෙත්ව පවත්වා ගැනීම, කොම්පෝස්ට් පස් සමඟ මිශ්‍ර කිරීම කලයුතුවාක් මෙන්ම ජලවහනය දුර්වල කුඹුරුවලට යෙදුවොත් යකඩ විෂවීම්, සල්පර් විෂවීම, පොස්පරස් ඌණතා ඇතිවීම සිදුවිය හැකිය.
රසායනික පොහොර වල පෝෂනය ලබා ගැනීමට, රසායනික පොහොර මෙන් 20 ගුණයක් කොම්පෝස්ට් අවශ්‍ය බව සොයාගෙන ඇත. නමුත් රසායනික පොහොර වල කාර්යක්ෂමතාව වැඩි කිරීමට කොම්පෝස්ට් සුලූ වශයෙන් හෝ යොදා ගැනීම ඉතාම වැදගත් ය.