කොම්පොස්ට් ක්‍රියාවලිය
 

කොම්පොස්ට් ක්‍රියාවලිය

වාතයේ ඇති ඔක්සිජන් හා ජල වාෂ්ප (තෙතමනය) ක්ෂුද්‍ර ජීවින් සම්බන්ධ කොට ගෙන කාබනික ද්‍රව්‍ය මත ක්‍රියා කරයි.

කාබනික ද්‍රව්‍ය වල ඇති සීනි පහසුවන් ආහාර කොට ගන්නා ක්ෂුද්‍ර ජීවින් එන්සයිම්ය ක්‍රියා මගින් එහි ඇති සෙලියුලෝස්, හෙමි ලෙියුලෝස් ද්‍රාව්‍ය ප්‍රෝටීන ප්‍රාක් ප්ලාස්මිය සංයෝග භවට පත් කරයි.

ලිග්නීන් හා ටැනින් වැනි සංයෝග සංකීර්ණ නිසා ඒවා දිරා පත්වීමට දිගු කාලාන්තරයක් ගත වේ. කොම්පොස්ට් සකස් කිරීමේදි 50% ත් 60 ත් අතර තෙතමනය තිබිය යුතුවාත් මෙන්ම අවශ්‍ය පරිදි ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරීත්වයට වාතයට ලබාදිය යුතුය. උෂ්ණත්වය දෙවන දිනයෙන් පසුව 5 වන දිනය දක්වා සෙ. ග්‍රේඩ් අංශක 70 ට පමණ ඉහළ යයි. ඉන් පසුව ක්‍රමයෙන් සිසිල් වෙයි.

සෙ. ග්‍රේඩ් අංශක 65 ත් 60 ත් අතර උෂ්ණත්වය පවත්වා ගැනීම රෝග කාරකයන් හා වල්පැල බීජ වීනාශ කිරීමට හේතු වන බව සොයා ගෙන ඇත. යොදනු ලබන ද්‍රව්‍යවල කාබන් නයිට්‍රජන් අනුපාතය 30 ක් පමණ වීම කොම්පොස්ට් ක්‍රමයේ කාර්යක්ෂමතාවයට හේතු වන බව පර්යේෂකයන් පෙන්වා දෙති.

කොම්පොස්ට් සෑදීම ආරම්භ වන විට පි.එම්. ආමලික ලක්ෂණ පෙන්වන අතර පසුව භාස්මික තත්ත්වයට යොමු වේ.

(1990 ගොවිකම් සගරාව 4 වන කලාපයෙන් මහ ඉලූප්පල්ලම සේවා සංස්කරණ ආයතනයේ සිරිපත් ගුණසේකර මහතා පෙන්වා දෙන පරිදි කොම්පොස්ට් කි.ග්‍රෑම් 30 ද පොස්පරස් කි.ග්‍රෑම් 10 ක් ද පොටෑසියම් කි.ග්‍රෑ. 27 ක් ද ලබා දී ඇත)

කොම්පොස්ට්වල සාමාන්‍ය සංයුතියක් ලෙස
නයිට්‍රජන් 3.75%
පොස්පරස් 0.18%
පොටෑසියම් 9.49%
කැල්සියම් 9.49%
මැග්නීසියම් 0.92% ක් පමණ වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017