සත්ව පොහොර
 

ග්වානො පොහොර

5% ක් පමණ නයිට්‍රජන්ද, 20% ක් පමණ පොස්පරස් ද අඩංගුය. මුහුදු පක්ෂීන්, වවුලන් සහ මාළුන්ගේ මළමුත්‍ර අඩංගු කොට සාදන ලද පොහොරකි.

ලේ පොහොර

මස් මඩුවල පිටතට ගලා යන ලේ වියලා සකස් කර ගත් පොහොරකි. 15% ක් පමන නයිට්‍රජන් එහි ඇති අතර පොටෑසියම් 5% කට ආසන්න පවති.

මාළු පොහොර
මේවායේ 10% කට ආසන්නව නයිට්‍රජන් හා පොස්පරස් ඇතත් පොටෑසියම් ඇත්තේ 2% ක් පමණය. පොහොරක් ලෙස ප්‍රයෝජනයට ගැනීමට දිගු කලක් ගතවීම අවාසියක් වෙයි.

පරණ පුන්නක්කු

සත්ව ආහාර ලෙස නුසුදුසු වු පොල්, තල්, රටකජු, ආදියේ පුන්නක්කු පොහොරක් ලෙස යොදා ගැනීම මෙහිදි අදහස් කරනු ලැබේ.

ගොවිපල් පොහොර

ගොවිපලක ඇති කරනු ලබන සතුන්ට ලබාදෙන ආහාර වල ශේෂ තණකොළ, දහයියා/පිදුරු, ලී සහ සතුන්ගේ මළමුත්‍ර එකට මිශ්‍රවීමෙන් ඇතිවන පොහොර ගොවිපල් පොහොර වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017