යන්ත්ර මගින් පිදුරු කපා කැබලි පසට එකතු කිරිම මෙහිදි කරයි. මෙය සාර්ථක ක්රමයක් නමුත් වියදම් අධික වේ.
පිදිුරු යොදන විට කුඹුරේ ඇති වතුර පස මතපිටින් බැසයාම හැකිතරම් වැදගත්ය.
පිදුරු අලූ භාවිතයෙන් පවා පොටෑසියම් යෙදිය යුතු ප්රමාණය අඩු කළ අතර කන්නයක පිදුරු ඊළග කන්නයේම යොදන්නේ නම් එම කන්නයේ යෙදිය යුතු නයිට්රජන් ප්රමාණයද අඩු කළ හැකිය.
මුලූ නිර්දේශිත නයිට්රජන් ප්රමාණයෙන් 30% පැල සිටුවීමට පෙර සිටුවීමට පෙර යෙදීමෙන් පිදුරු දිරාපත් වීමට උපකාරි වන නිසා වි පැලය වැඩෙන විට පිදුරු දිරීමෙන් නයිට්රජන් ඌනතාවක් ඇති වී ගොයම් කහ පාට වීම වැළකේ. පිදුරු යොදන කුමන අවස්ථාවේ වුවද නිර්දේශිත පොස්පේට ප්රමාණය කුඹුරට යෙදිය යුතුය.