පිදුරු යොදන ආකාරයන්
 

* කුඩ ගොඩවල් ක්‍රමය (උල ගොඩ ක්‍රමය)
* පැල සිටුවා පිදුරු යෙදීම
* පැල සිටුවීමට පෙර යෙදීම
* කුඹුරේදීම පිදුරු කොම්පොස්ට් සෑදීම
* පිදුරු අළු භාවිතය
* පිදුරු කැබලි පසට එකතු කිරීම
* ගොයම් කැපීමෙන් පසු හැකි ඉක්මනින් දියදිවල තැන් තැන්වල කුඩා ගොඩවල් වශයෙන් පිදුරු දමන්න
* මාස එකහමාරක් දෙකහමාරක් අතර අව්ව හා වැස්ස මගින් දිරාපත්වීමට සලලස්වන්න
* බිම් නැගීම (පළමුහීය) හෝ උදලූවලින් (පළමු වර) කෙටීම පිදුරු ගොඩවලට හානි නොවන පරිදි කරන්න.
* දිරාපත් වු පිදුරු ලියදිවල තුනීකර දෙවැනි හීය උදලූ වලින් බිම සකස් කරන්න.
* යුරියා මිටක් පිදුරු ගොඩකට යෙදීමෙන් පිදුරු දැමීම ඉක්මන් කරන්න. ටොන් 1 කට පිදුැ 1 යුරියා කි.ග්‍රෑ 7 යි.

පැල සිටුවා පිදුරු යෙදීම
පැල සිටුවා සතියකින් වසුනක් ලෙස පේලි අතර දෙපසට පිදුරු යෙදීම කරයි.

පැල සිටුවීමට පෙර පිදුරු යෙදීම
බිම් සැකසීමේ කටයුත්ත අවසන් වු විගස රසායනික පොහොර මිශ්‍ර කිරීමෙන් පසුව පිදුරු සෑම තැනම විසුරුවා හැර පැල පේලිවලට සිටුවා ගැනීම කරනු ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017