පිදුරු
 

ගොවිතැන් අස්වැන්න නෙලීමෙන් පසු ඉතිරි වන පිදුරු පොහොරක් ලෙස භාවිතා කළ හැකිය. වී වගාවේදි නිපදවන වී වලට සමාන ප්‍රමාණයක් පිදුරු නිපද වේ. වී බුසල් 60 ක් ලැඛෙන කුඹුරු අක්කරයකින් පිදුරු ටොන් එකකට ආසන්නව ලැබිය හැකි අතර එහි නයිට්‍රජන් කි.ග්‍රෑ. 8 ක් පමණද, සිලිකා කි.ග්‍රැ. 72 ක් පමණද, පොටෑසියම් කි.ග්‍රෑ. 16 ක් පමණද අඩංගු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017