සියලූම ජීවින්ට තම පැවැත්ම සදහා ආහාර අවශ්‍ය වේ. ශාක මේ පෝෂක ලබා ගැනීම අතීතයේදි තුලිත පරිසරයකදි ස්වභාවිකව සිදුවේ. ආහාර නිෂ්පාදනය සදහා මිනිසා විසින් දියුණු වගා ක්‍රම හා නව ශාක ප්‍රභේද භාවිතය හේතුවෙන් පසේ සිදුවන පෝෂක හීනවීම පහත සටහන අධ්‍යයනයෙන් පෙනී යනවා ඇත. පෝෂක හිගවීම නිසා ශාක පරිසරයෙන් තුලින බව අඩු වි අස්වනු අඩු විය හැක.
සාමාන්‍යයෙන් වගා කෙරෙන ආහාර බෝගයන් කීපයක්
මගින් ඉවත් කරන පැලෑටි ද්‍රව්‍ය
එක් කන්නයකදී පසෙන් ඉවත් කරන පැලෑටි පෝෂ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයන් පෙන්නුම් කරන චක්‍රයක් මත ඉලූප්පල්ලම කෘෂි කර්මික පර්යේෂණ ආයතනයේ පර්යේෂන නිලධාරි එස්.එල්. අමරසිරි හා රසායනාගාර සහකාර ඩබ්ලිව්.ආර්. පෙරේරා මහතුන් විසින් සම්පාදනය කරන ඇත. මෙම චක්‍රයේ දැක්වෙන සියලූම බෝග මහ ඉලූප්පල්ලමේ වගා කෙරුණු අතර මෙහි දන්වා ඇති අස්වැන්න ප්‍රමාණය සාමාන්‍යයෙන් ඒවා වෙළද පොලට යවන තත්වය යටතේ තිබිය හැකි තෙතමනය අනුව පවතින බර ප්‍රමාණයන් වේ. මෙම චක්‍රයේ වෙනත් යනුවෙන් හදුන්වා දී ඇත්තේ වෙළදපොළ සදහා අස්වැන්න වෙන් කර ගත් පසු බෝගය ඉතිරිවන අනෙකුත් ඉවත දමන කොටස් වේ.