අතුරු යත් ගෑම
 

යම් ක්ෂේත්‍රයක බෝගයක් පිහිටුවීමෙන් පසු එය භූමියේ ඉටු කරනු ලබන කාර්යයන් සියල්ලම අතුරු යත් ගෑම ලෙස හැදින්වේ.
1. පස බුරුල් කිරීම
2. වල්පැල නෙලීම
3. ශාක මුල්වලට පස් එකතු කිරීම
4. පොහොර යෙදීම වැනි කටයුතු මෙහිදි කෙරේ.

පස බුරුල් කිරීම මගින් පසට ජලය උරා ගැනීම වැඩි කරන අතර වල්පැල මර්දනයට උදව් කර පොහොර යෙදීම පහසුකරයි. මුල්වල වර්ධනයට උදව් වන පස බුරුල් කිරීමේ ක්‍රියාවලිය සදහා උදැල්ල මල්ලූව, රොටරිවීඩරය භාවිතා කළ හැකිය.

වල්පැල මර්දනය සදහා උදැල්ල, රොටරිවීඩරය යොදා ගැනීම මෙන්ම වී වගාවේදි ඇනදත් පෝරුවද යොදාගත හැකියි.

ඉන්නල වැනි බෝග සිටුවා සති 6 කින් පමණ ලියලන කරටි වැසීයාම සදහා පස් යෙදීම අවශ්‍ය වෙයි. අර්තාපල් අල වලටද සිටුවා මාසයකින් පමණ පස් යොදනු ලැබේ. රටකජුවල කරල් හට ගැනීම පහසු කිරීම සදහා මුල් අවට පස් යෙදිය යුතුය. මේ සදහා උදැල්ල බහුලව භාවිතා කරයි. පොහොර යෙදීමේදි පස සමග කලවම කරනුයේ උපරිම කාර්යයක්ෂමතාවය ලබාදෙමින් අපතේ යාම වැලැක්වීමටය. මේ සදහා උදැල්ල, හාරන මුල්ලූව, අත් මුල්ලූව, උදලූ මුල්ලූව වැනි උපකරණ යොදා ගනි.

(c) Shilpa Sayura Foundation 2006-2017