බිම් සකස් කිරීම
 

බෝගයක වර්ධනයට සුදුසු වන ලෙස බෝග පිහිටුවීමට අවශ්‍ය පාංශ= පරිසරය ගොඩනැගීම බිම් සකස් කිරීම ලෙස හැදින්විය හැක.

බිම් සකස් කිරීමේ වැදගත්කම :
1. බෝගවලට හානි කරන වල් පැල ඉවත් කිරීම
2. පස සියුම් ලෙස සැකසීම
3. පස සමග කාබනික ද්‍රව්‍ය මිශ්‍රවීම
4. පලිබෝධ පාලනයට උදව්වීම
5. පසට උරා ගන්නා ජල ප්‍රමාණය වැඩිවීම
6. උපකරණ භාවිතයට සුදුසු තත්ත්වයට පස සැකසීම
7. යහපත් ජල වහනයක් ඇති කිරීම
8. බෝග වර්ධනයට අහිතකර ගල්, මුල් වැනි ද්‍රව්‍ය ඉවත් කිරීම

බෝගය පිහිටුවීමට පෙර බිම් සකස් කරන්නේ නම් එය මූලික බිම් සකස් කිරීම වේ. බෝගය පිහිටුවිමෙන් පසු බිම් සකස් කරන්නේ නම් අතුරු බිම් සැකසීම හෙවත් අතුරු යත් ගෑම ලෙස හැදින්වේ.

මූලික බිම් සකස් කිරීම අවස්ථා කීපයකින් යුක්තය.

1. පස පෙරලීම 2. කැට-පොඩි කිරීම
3. මට්ටම් කිරීම 4. අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීම
5. පාත්ති සැකසීම

පස පෙරලීමේදි උදැල්ල, උදලූ, මුල්ලූව, හාරත මුල්ලූව, දැති නගුල, . නගුල වැනි උපකරණ යොදා ගනි.

මට්ටම් කිරීමේදි කරනුයේ උස්තැන් කපා හැර වලවල් පිරවෙන සේ පස මතුපිට සමතලයන් ඇති කිරීමයි. උදැල්ල, මඩපෝරුව, රේක්කය, තලපෝරුව වැනි උපකරණ මේ සදහා යොදා ගනි. අනවශ්‍ය ද්‍රව්‍ය ලෙස සලකනුයේ භූගත කද කොටස්, ගල්, මුල් හා වෙනත් රථ ද්‍රව්‍යයන්ය. ඒවා බෝග වගාවට බාධාකාරි නිසා උදැල්ල, රේක්කය, උදලූමුල්ලූව වැනි උපකරණ යොදා ඉවත් කරයි.

පාත්ති සැකසීම සිටුවන බෝග අනුව කළ යුතුය. බතල වැනි වර්ග සදහා වැටි හා කාණු ද මුකුණුවැන්න වැනි වර්ග සදහා ගිල්වු පාත්තිද, තක්කාලි, රාබු වැනි වර්ග උස් පාත්ති වල කුරක්ක්, බඩ ඉරිගු මෙනේරි වැනි වර්ග මට්ටම් පාත්ති වලද, මයියොක්කා, ගහල වැනි වර්ග තනි වගා වලවල වලද සිටුවීම කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017