තවාන් රෝග
 

තවානකට රෝග ආක්‍රමණයක් ඇති වු මර්ධනයට උත්සාහ කරනවා වෙනුවට රෝග ඇති වීමට පෙර මර්ධනය කර ගැනීමට හැකිනම් එය වඩාත් වාසිදායක වේ. එයට හේතුව සමහර රෝග සමග සසදන විට සාපේක්ෂව තවාන් කාලය කෙටි නිසා සමහර පැල තවාන් ක්ෂේත්‍රයේදි රෝග ලක්ෂණ නොපෙන්වා ස්ථීර බිමේ සිටවු විට රෝග ලක්ෂණ නොපෙන්වා ස්ථීර බිමේ සිටවු විට රෝග ලක්ෂණ පෙන්වීමෙන් සිදුවන අලාභය වැඩිවීමය. අනික තවානේදි මර්දනයට ප්‍රමාණවත් කාලයක් නොලැබේ. තවානට වැලදෙන රෝග හේතු කාරක 2 ක් නිසා ඇතිවිය හැකිය. එනම්,

අජිවි හේතුන් මත - යාන්ත්‍රික හානි නිසා
- වායුගෝලයේ අයහපත් බලපෑම නිසා

ජීවි රෝග කාරකයින් නිසා දිලීර
බැක්ටීරියා
වයිරස්
නෙමටෝඩා
ජීවි ව්‍යාධි කාරකයින් නිසා ඇතිවන රෝග වසංගත තත්වයට පත්වීමට ප්‍රධාන සාධක 3 ක් ලෙස ධාරක ශාකය උචිත පරිසරය ව්‍යාධි ජනකයා එකට එකතුවිය යුතුය.
රෝග ති්‍රකෝණය ලෙස සැලකෙන මෙම සම්බන්ධතාවය කඩා දැවීමෙන් රෝග මර්දනය වලකාලීමේ උපක්‍රම බිහිකරගෙන ඇත.

තවාන් රෝග මර්දන උපක්‍රම
1. තවානට සුදුසු ස්ථානයක් තෝරා ගැනීම
2. තවාන් පාත්ති වර්ගය නිසිලෙස තෝරා ගැනම
3. නිරෝගි බීජ හා රෝපණ ද්‍රව්‍ය භාවිතය
4. බීජ ප්‍රතිකාරක යොදා ගැනීම
5. බීජ සැකසීම ප්‍රභේද තේරීම බීජ යෙදීම වැනි තවාන් රෝපණ ක්‍රියා නිසිලෙස ඉටු කරීම

තවානේ කෘමි පාලනය
1. ගෂ්‍ය මාරු ක්‍රමය අනුව බෝග වගා කිරීම
2. නියමිත කාලයට බෝග සිටුවීම
3. සුදුසු පරිදි බිම් සකස් කිරීම
4. නිර්දේශික බෝග නිර්දේශිත පරතරයට වගා කිරීම
5. බෝගවලට නිර්දේශ කරන ලද පොහොර එම ප්‍රමාණයට පමණක් යෙදීම
6. නිරෝගි රෝපණ ද්‍රව්‍ය භාවිතා කිරීම
7. වල් මර්ධනය කිරීම
8. පලිබෝධකයින් හානි කරන ලද ශාක කොටස් වගා බිමෙන් ඉවත් කර වලලා දැමීම හෝ පිලිස්සීම
9. රෝග ප්‍රතිරෝධි වර්ග සහ නිරෝගි බීජ හා රෝපණ ද්‍රව්‍ය භාවිතා කිරීම
10. වගා ක්ෂේත්‍රයේ බෝග ශේෂ වලලා දැමීම අස්වැන්න නෙලීමෙන් පසු හැකි ඉක්මනින් කිරීම වගා ශේෂ වළලා දැමීම කෘමි පාලනයේදි වැදදගත් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017