පැල දැඩි කිරීම
ස්ථීර භූමියේ සිටුවීමට සුදුසු තත්ත්වයෙන් හා අයහපත් කාලගුනික තත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව ලැඛෙන තත්වයෙන් පැල හැඩ ගස්වා පැල දැඩි කිරීම වේ. පැල තවානෙන් ගැලවීමට සතියකට පෙර ජලය සැපයීම අඩුකරන අතර සෙවන අඩුකළ යුතුවේ.
පැල ගලවා සිටුවීම
තවානේ පැල ගැලවීම බෝගය හා ප්‍රභේදයන් අනුව වෙනස් වේ. පැල ගැලවීමට ප්‍රථම දිනයේ රාත්‍රි තවානට හොදින් ජලය සපයා පස තෙත් කළ යුතුය. මුල් වලට හානි නොවන සේ ගලවා ගත් පැල ඉක්මනින් ක්ෂේත්‍රයේ සිටුවා ජලය සැපයීය යුතුය.