තවාන් නඩත්තුව
 

බීජ සිටුවීමෙන් පසු ජලය සැපයීම බීජ ප්‍රරෝපනය වනතෙක් පසේ තෙතමනය රැදෙන පරිදි ද ඉන් පසු බෝග සහ පසේ තත්වය සැපයීම කළ යුතුය.
රෝග පාලනය සදහා
1. තවානට සුදුසු බීමක් තෝරා ගැනීම
2. නිවැරදි තවාන් පාත්ති භාවිතය
3. නිරෝගී බීජ හා රෝපණ ද්‍රව්‍ය භාවිතය
4. බීජ ප්‍රතිකාරක භාවිතය
5. රෝ්පණ ක්‍රියා නිසිලෙස ඉටුකිරීම කළ යුතුය.

රෝගය දුටුවේ නම් සුදුසු මර්ධන ක්‍රමයක් රෝග කාරකය අනුව යොදා ගැනීම කළ යුතුය.

කෘමින් පාලනය

මේ සදහා කෘෂි නාශක යෙදීම අවම කල යුතු අතර ඒ සදහා රෝපණ ක්‍රම අනුගමනය කිරීම සුදුසුය.
කෘමින් නොවන සතුන් මර්ධනය සදහා ඒකාබද්ධ පලිබෝධ පාලන වැඩ පිළිවෙලක් යොදා ගත හැකිය.

සෙවන සැපයීම.

අධික හිරු එළිය සහ වැස්ස නිසා කුඩා පැලවලට සිදුවන හානි වැලැක්වීමට වසුන් ඉවත් කිරීමෙන් පසු සෙවන සැපයීය යුතුය. බට පතුරු, පොල් අතු ගෝනිදැල් යනාදිය යොදාගත හැකි අතර තේ වගාවේදි කැකිල්ලද දුම්කොල වගාවේදි දුහුල් රෙදි වර්ගද ඕකීඩ් වැනි තවාන් වලදී සරාන් හෝ එවැනි ප්ලාස්ටික් රෙදි, පොලිතීන් වගාද යොදාගනු ලැබේ.

සෙ.මි. 15 ක් පමණ පොලවේ සිට ඉහලින් සාමාන්‍ය සෙවන ලබාදීම කරයි. පැලවලට හිතකර ආර්ද්‍රතාවක් ලබාදීමද සෙවන සැපයීමේ අරමුණක් වේ.

වල්පැල මර්දනය

බීජ පැල ගැලවී නොයන ලෙස වල් පැල නෙලීම ඉතාමත් සියුම් කටයුත්තක් ලෙස ඉටුකල යුතුය. අතින් උදුරා වල්පැල නෙලීම වඩා සුදුසු වේ.

පොහොර යෙදීම

පැල දුර්වල අවස්ථාවක පසුවන්නේ නම් වල් පැල නෙලීමෙන් පසු යුරියා පොහොර හෝ දියර පොහොර ස්වල්පයක් යෙදීම සුදුසුය.

(c) Shilpa Sayura Foundation 2006-2017