වැපිරීම සහ පෙලට සිටුවීම යන ලෙස ක්‍රම දෙකකි. දුම්කොළ වැනි සියුම් බීජ වැලි සමග මිශ්‍ර කර ඉසීම, වී ඉසීම මෙහිදි වැපිරීමට උදාහරණ ලෙස දැක්විය හැකිය. පරතරය නිශ්චිතව තබා ගැනීමට අපහසු නිසා වර්ධනය බාල වී අස්වැන්න අඩුවිය හැකිය. ඉතාමත් සුදුසු ක්‍රමය වන්නේ බීජ පෙලට සිටුවීමයි. සෙ.මි. 15-20 අතර පරතරය සිටින සේ සකස් කළ පේලි වල සිටුවීමට සුදුසුය.
අපතේ යන බීජ ප්‍රමාණය අඩුවීම, නියමිත ගැඹුරට තැන්පත් කළ හැකිවීම, නඩත්තු කටයුතු පහසු වීම, අවශ්‍ය පරිදි පශ්චාත් සාත්තු කිරීමේ පහසුව නිසා පැල හොදින් වර්ධනය වී වැඩි අස්වැන්නක් ලබාදීම බීජ සිටුවීම පෙලට කිරීමේ ඇතිවන වාසි වේ.
බීජ සිටුවීමෙන් පසු පස් මිශ්‍රණය ස්වල්පයක් දමා බීජ වැසිමෙන් කුරුල්ලන්ගෙන් හා කුහුඹුවන්ගෙන් වන හානිය අඩුවේ.