පසේ සිටින රෝග කාරකයන් විනාශ කිරීම සදහා තවාන පුළුස්සා ගැනීම හෝ තවානට දිලීර නාශක මිශ්‍ර කර ගැනීම අවශ්‍ය විය හැකිය. මෙම පිලිස්සීමට පෙර පාත්තිය මතුපිටට ජලය යොදා පැය කිහිපයක් තිඛෙන්නට හැර පිදුරු සහ දහයියා මාරුවෙන් මාරුවට යොදා තවාන් පාත්තිය මතුපිට ඇසිරිය යුතුය. සුලගට ප්‍රතිවිරුද්ධ දිශාවේ සිට යටම පිදුරු තට්ටුවට ගිණි තැබීම කල යුතුය. පිලිස්සුනු අළු ඉවත් කර පැය 48 ක් ඉවත් වීමට පෙර නැවතත් පිදුරු දහයියා යොදා පුළුස්සා ගන්නා. ඉන්පසු පාත්තිය නැවත මට්ටම් කර ගන්න. දිලීර නාශක යොදන්නේ නම් බීජ සිටුවීමට දින 2 කට පෙර නිර්දේශිත ප්‍රමාණයක් තවානේ ක්ෂේත්‍රඵලය අනුව යෙදිය යුතුය.
බීජ ප්‍රතිකාර කිරීම
1. දිලීර නාශක යෙදීම
2. බීජ පෙගවීම උදා : වි
3. බීජ පලූදු කිරීම උදා : තේ.
4. බීජ තැම්බීම උදා : ඉපිල් ඉපිල්
5. බීජ සේදීම උදා: පැපොල්