Present Perfect - වර්ථමාන කෘදන්ත
 


සිංහල ක්‍රියා පදය අග "ලා" ශබ්දය යෙදෙන අවස්ථාවල ඇවිල්ලා, ගිහිල්ලා, නාලා, කාලා, බීලා යනාදි අදහස් පැවසීමට මෙම බස්වහර යොදා ගැනේ. "ලා-තියෙනවා" හෝ "ලා-ඉන්නවා" යන ශබ්දය සමග ද මෙම වාක්ය රටාව ගැළපේ. ඇවිල්ලා තියෙනවා, ගිහිල්ලා තියෙනවා, දැකලා තියෙනවා යනාදි ප්‍රකාශ පරිවර්තනය වන රටාවද මෙයයි.

(1) Subject (උක්තය)
(2) Has / Have
(3) Past participle of the verb - (ක්‍රියා පදයේ අතීත කෘදන්තය)

ඒක වචනය සමඟ has ද, I සහ you ඇතුළු බහුවචනය සමඟ have ද යෙදිය යුතුය. මෙහි එකම වාක්ය නැවත, නැවත සරලව පුංචි වෙනස්කම් සහිතව ඉදිරිපත් කර ඇත. ඒ ඔස්සේ යමින් පුහුණුවන්න.
දැනුම නොව පුහුණුව ඔබේ ඉලක්කය විය යුතුමයි.

Ex :-

(1) තරුණි ඇවිල්ලා
Tharuni has come. (තරුණි හෑස් කම්)

(2) කමනි ඇවිල්ලා වේලාසනින්
Kamani has come early. (කමනි හෑස් කම් අර්ලි)

(3) කමනි ඇවිල්ලා තියෙන්නේ අම්මත් එක්ක.
Kamani has come with mother.
(කමනි හෑස් කම් විත් මදර්)

(4) කමල් ඇවිල්ලා තියෙන්නේ හදිසි උවමනාවකට.
Kamal has come for an urgent need.
(කමල් හෑස් කම් ෆොරුන් අර්ජන්ට් නීඩ්)

(5) කවුද ඇවිල්ලා.
Somebody has come to meet you. (සම්බොඩි හෑස් කම්)

(6) කවුද ඇවිල්ලා ඔයාව හම්බවෙන්න.
Somebody has come to meet you. (සම්බොඩි හෑස් කම් ටු මීට් යු)

(7) මනෝහරන් ඇවිල්ලා තියෙන්නෙ පයින්
Manoharan has come on foot. (මනෝහරන් හෑස් කම් ඔන් ෆුට්)


(9) ඒ ගොල්ලෝ ඇවිල්ලා තියෙන්නෙ ඔයාව මුණගැහෙන්න
Thay have come to meet you.
(දේ හෑව් කම් ටූ මීට් යූ)

(10) පූසෙක් ඇවිල්ලා කුස්සියට.
A cat has come to the kitchen.
(අ කැට් හෑස් කම් ටු ද කිචන්)

(11) අපි ඇවිල්ලා ඉන්නෙ ඔයාව බලන්න. ඔයාට හොඳද දැන්?
We have come here to see you.
Are you O.K. now?
(වී හෑව් කම් හිය ටු සී යු. ආ යු ඕකේ නව්)

(12) එයා ඇවිල්ලා තියෙන්නෙ ඉන්ටර්කූලර් ටර්බෝ එකකින්.
He has come by an Inter-color Turbo.
(හී හෑස් කම් බයි ඇන් ඉන්ටර්කූලර් ටර්බෝ)

(13) ඔයා හරි වේලාවට හරි තැනට ඇවිල්ලා ඉන්නෙ.
You have come to the right place at the right time.
(යූ හෑව් කම් ටු ද රයිට් ප්ලේස් ඇට් ද රයිට් ටයිම්)

(14) දැන් ඔයා ඇවිල්ලා තියෙනවා අවශ්‍ය තර්කයට/කාරණයට.
Now you have come to the point.
(නව් යු හෑව් කම් ටු ද ඔොයින්ට්)

(15) ඔයා ඇවිල්ලා තියෙන්නෙ වැරදි තැනට.
You have come to the wrong place.
(යු හෑව් කම් ටු ද රෝන් ප්ලේස්)


(18) ඔයා ඇවිල්ලා තියෙන්නෙ වැරදි වේලාවක.
You have come at a wrong time.
(යු හෑව් කම් ඇට් අ රෝන් ටයිම්)


(1) කමල් ගිහිල්ලා ගෙදර.
Kamal has gone home. (කමල් හෑස් ගෝන් හෝම්)

(2) නිමාලි ගිහිල්ලා තියෙන්නෙ ඉතාලියට.
Nimali has gone to Italy. (නිමාලි හෑස් ගෝන් ටු ඉටලි)

(3) නිමල් ගිහිල්ලා තියෙන්නෙ හොරෙන්.
Nimal has gone on the sly. (නිමල් හෑස් ගෝන් ඔන් ද ස්ලයි)

(4) දැන් ඔයා ගොඩක් දුර ගිහිල්ලා මනසින්.
Now you have gone far away in emotion.
(නව් යූ හෑව් ගෝන් ෆා අවේ ඉන් ඉමෝෂන්ස්)

(5) බස් එක ගිහිල්ලා.
The bus has gone. (ද බස් හෑස් ගෝන්)

(6) මම දන්නෙ නෑ/තාත්තා කොහෙද ගිහිල්ලා.
I don’t know/Farther has gone somewhere.
(අයි ඩෝන්ට් නෝ/ෆාදර් හෑස් ගෝන් සම්වෙය)

(7) ඈ මේ ළඟ පොත් සාප්පුවට ගිහිල්ලා.
She has gone to nearby book shop.
(ෂී හෑස් ගෝන් ටු නියර්බයි බුක්ෂොප්)

(8) හැමෝම ගිහිල්ලා/කව්රුවත් නෑ.
Everybody has gone./Nobady is there.
(එවිරිබොඩි හෑස් ගෝන්/නෝබොඩි ඉස් දෙයා)


ලා තියෙනවා / ලා ඉන්නවා

(1) මම ඇවිල්ලා තියෙනවා මෙහේ කලින්.
I have been to this place before. (අයි හෑව් බීන් ටූ දිස් ප්ලේස් බිෆෝ)

been to ඇවිල්ලා තියෙනවා හෝ ගිහිල්ලා තියෙනවා සහ අදහස් දෙකම දෙන අතිවිශේෂ ඉංග්‍රීසි බස්වහරකි.

(2) මම ගිහිල්ලා තියෙනවා ජපානයට.
I have been to japan. (අයි හෑව් බීන් ටූ ජැපැන්)

(3) මම ඔබව දැකලා තියෙනව නුවරදී.
I have seen you in Kandy. (අයි හෑව් සීන් යූ ඉන් කැන්ඩි)

(4) මම මේක අත්දැකලා තියෙනවා කලින්.
I have experienced this before. (අයි හෑව් එක්ස්පිරියන්ස්ඩ් දිස් බ්ෆෝ)

(5) මම ඔබට කියලා තියෙනවා කලින්. (තර්ජනාත්මක හෝ සෞම්යව පැවසිය හැක.)
I have told you before. (අයි හෑව් ටෝල්ඩ් යූ බිෆෝ)

(c) Shilpa Sayura Foundation 2006-2017