Popular Commands - ජනප්‍රිය විධාන
 


මෙහ්දී මුලින් හෝ අගින් please යොදා ආයාචනාත්මක ව්ධානයෙන් කථා කිරීම සුදුසය. වාක්‍යය අගින් Please යෙදූවිට එය "කරුණාකර ගේන්නකෝ" යන ලෙස අර්ථය දෙයි. මුලින් යෙදූවිට එය "කරුණාකර ගේන්න" අර්ථය සිතිය හැක. මේවා යෙදුම අවස්ථාව හා පුද්ගලයන් දෙදෙනා අතර තිබෙන සඹඳතාවය අනුව වෙනස් වේ.


(1) මට කන්න මොනවා හරි ගේන්න.
Get me something to eat. (ගෙට් සම්තිං ටු ඊට්.)
Please Get me something to eat. (ප්ලීස් ගෙට් සම්තිං ටු ඊට්.)
Get me something to eat, Please. (ගෙට් සම්තිං ටු ඊට්,ප්ලීස්.)


(2) ඔබ මට කෝල් කරලා එන්න.
You better call me and come. (යූ බෙටර් කෝල් ඇන්ඩ් කම්.)

(3) නිදා ගන්න කළින් දත් මදින්න.
Brush your teeth before going to bed. (බ්‍රෂ් යුවර් ටීත් බිෆෝ ගොයිං ටූ බෙඩ්.)

(4) නිදා ගන්න.
Go to bed. (ගෝ ටු බෙඩ්.)

(5) ඇඟ හෝදාගන්න.
Have a body wash (හෑව් අ බොඩි බාත්.)


Take a body wash. (ටේක් අ බොඩි බාත්.)

(6) බීලා රිය පදවන්න එපා.
Don't drink and drive. (ඩෝන්ට් ඩ්රින්ක් ඇන්ඩ් ඩ්‍රයිව්.)

(7) මට සල්ලි ටිකක් එවන්න.
Send me some money. (සෙන්ඩ් මී සම් මනී.)

(8) ඒක ඉරන්න එපා.
Don't tear it. (ඩෝන්ට් ටෙයා ඉට්.)

(9) මට බොරු කියන්න එපා.
Don't lie to me. (ඩෝන්ට් ලයි ටූ මී.)
Don't tell me lies. (ඩෝන්ට් ලයි ටූ මී.)

(10) ඒක අමතක කරලා ඔයාගේ ජීවිතේ රස විඳින්න.
Forget it and enjoy your life. (ෆොගෙට් ඉට් ඇන්ඩ් යුව ලයිෆ්.)

(11) කට හෝදලා උදේ තේ එක බොන්න.
Rinse your mouth and have your bed tea. (රින්ස් යුවර් මවුත් ඇන්ඩ් හෑව් යුව බෙඩ් ටී.)

(13) ඇඟපත හෝඳාගෙන කෑම කන්න.
Have a body wash and take your lunch. (හෑව් අ බොඩි වොෂ් ඇන්ඩ් ටේක් යුව ලන්ච්?)


(14) බොන්න මොනවා හරි හදන්න පුළුවන්ද?
Can you prepare something to drink. (කැන් යූ ප්‍රිපෙයා සම්තිං ටු ඩිරින්ක්?)

(15) තව සීනි ටිකක් දාන්න.
Add some more sugar. (ඇඩ් සම් මෝ සුගර්.)

(16) හොඳට කූරුගාන්න (හැඳි ගාන්න)
Stir well, (ස්ටයාර් වෙල්.)

(17) සෙල්ලම් කරන එක නවත්තලා මොනවා හරි කන්න.
Stop playing and eat something (ස්ටොප් ප්ලෙයිං ඇන්ඩ් ඊට් සම්තිං.)

(18) මට පස්සේ කෝල් කරන්න ඔයා ගෙදර ගියායින් පස්සේ.
Call me later after you go home. (කෝල් මී ලේටර් ආෆ්ටර් යූ ගෝ හෝම්.)

(19) කාලා ගිහින් නිදා ගන්න.
Take your dinner and go to bed.
(ටේක් යූ ඩිනර් ඇන්ඩ් ගෝ ටු බෙඩ්.)


(20) විහිළු කරන්න එපා.
Don't crack jokes. (ඩෝන්ට් ක්‍රැක් ජෝක්ස්)

(c) Shilpa Sayura Foundation 2006-2017