මෙහිදී ක්‍රියා පදයට මුලින් Don't යොදා ගනිමින් නැත යන අර්ථයේ විධාන නිර්මාණය කෙරේ.
(1) ඒක ඇත්තට ගන්න එපා.
Don't take it serious. (ඩෝන්ට් ටේක් ඉටි සීරියස්)
(2) ඔහුගෙ අවවාදය පිළිගන්න එපා.
Don’t take his advice. (ඩෝන්ට් ටේක් හිස් ඇඩ්වයිස්)
(3) දැන් යන්න එපා
Don't go now. (ඩෝන්ට් ගෝ නව් )
(4) අප්සට් වෙන්න එපා.
Don't get upset. (ඩෝන්ට් ගෙට් අප්සට්)
(5) මාත් එක්ක තරහ වෙන්න එපා.
Don't be angry with me. (ඩෝන්ට් බි ඇන්ග්‍රි විත් මී)
(6) දැන්වීම් අලවන්න එපා.
Do not stick bills. (ඩූ නොට් ස්ටික් බ්ල්ස්)
* අවධාරණයෙන්
(7) මෙහි නිකරුණේ කාලය ගත කරන්න එපා.
Do not loiter here. (ඩූ නොට් ලොයිට හිය)
(8) ඔයාගේ කාලය නාස්ති කරන්න එපා.
Don't waste your time. (ඩෝන්ට් වේස්ට් යෝ ටයිම්)
එනවා යන අදහස Be ක්‍රියා පදයෙන් ලබා ගන්නා ව්විධ අවස්ථා
ජනප්‍රිය ඉංග්‍රීසි වහරෙහි "එනවා" යන අදහස come යන ක්‍රියා පදයෙන් ලබා නොගෙන Be ක්‍රියා පදයෙන් ලබා ගන්නා විවිධ අවස්ථා පහත දැක්වේ.
(1) මම ගෙදර එනවා විනාඩි 5ක් ඇතුළත.
I will be home within five minutes. (අ විල් බී හෝම් විත් ඉන් ෆයිව් මිනිට්ස්)
(2) මම දැන් එනවා.
I will be there very soon. (අයි විල් බී දෙයා වෙරි සූන්)
(3) මම ඉක්මනට එනවා.
I will be there very soon.
(අයි විල් බී දෙයා වෙරි සූන්)
මෙහිදී එන්නේ කොතැනටද යන වග ද බොහෝ විට සඳහන් කෙරෙන බව සිතට ගන්න.
(4) මම ආපසු එනවා.
I will be back. (අයි විල් බී බැක්.)
(5) මම ඉක්මනට එනවා.
I will be right back.
(අයි විල් බී රයිට් බැක්)
BRB ලෙස චැට් වල භාවිතා වේ.
(6)හෙට මම ගෙදර එනවා.
Tomorrow I will be home.
(ටුමෝරෝ අයි විල් බී හෝම්.)
(7) ලයිට් එයි පැයක් ඇතුළත.
Power will be back within one hour.
(8) ලයිට් ඉක්මනට එයි.
Power will be right back.
(9) ඔයාට පුළුවන්ද එන්න පැයක් ඇතුළත.
Can you be here within one hour.
(පවර් විල් බී බැක් ඉන් වන් අව)