මඩ තවාන්
 

කුඹුරේම ජල පහසුව ඇති ස්ථානයක මෙම තවාන කරනු ලැබේ. වගා කරන හැම ප්‍රමාණයෙන් 1/10 ක් තවානක් සදහා සාමාන්‍යයෙන් භාවිතා කෙරේ. බිම සැකසීම සාමාන්‍ය වි වගාවේදි මෙන්ම කරනු ලබන අතර මනා ලෙස මට්ටම් කර ගැනීම ඉතා වැදගත් වේ.

සී. සෑමද, පෝරු ගෑමද වී වගාවට සමාන ලෙස කරන අතර වැපිරීමට පෙර වර්ග මීටර් 400 කට පොහොර කිලෝ 10 ක් යෙදිය යුතුය. වැපිරිය යුත්තේ කනු කැපුනු බීජ වේ. අවශ්‍ය වු විටක යුරියා වැනි පොහොරක් යෙදිය යුතු අතර කෘමි මර්දනය සදහා අවශ්‍ය නම් ප්‍රතිකාර කල යුතුය. දින 14 ක් 21 ක් අතර තවානෙන් පැල ගලවා සිටුවිය හැකිය.
ප්‍රරෝහනය වි කණු කැපුනු බීජ සෙ.මි 7 ත් පමණ ඝන ස්ථරයක් වන සේ කොළ මත අතුරණු ලැබේ. ජලය ස්වල්පයක් ඉස ලෑල්ලක ආධාරයෙන් බීජ තද කල යුතුය. දිනපතා ජලය ඉසිම අවශ්‍ය විය හැකි අතර දින 7 කදි යුරියා තේ හැදි 1 ක් ජල ගැලූමක මිශ්‍ර කර ඉසීමද සුදුසු වේ. දින 14 කදි බීජයේ සංචිත ආහාර අවසන් වන නිසා පැල සිටුවීම එදිනට පෙර කල යුතුය.

බීජ ප්‍රමාණය අධිකව අවශ්‍ය වීමත්, සිටුවන පැල සංඛ්‍යාව පාලනය කරගැනීම දුෂ්කර වීමත්, කුඩා පැල සිටුවීමට අපහසු වීමත්, නිසා ඩැපොග් ක්‍රමයේ තරමක අවාසිදායක තත්වයක්ද රදා පවති.

තවාන් කාර්යය අනුව වර්ග කිරීම

1. කැබලි මුල් අද්දවා ගන්නා තවාන 3. රෝපන ද්‍රව්‍ය ශ=නනය කර ගන්නා තවාන
2. ග්‍රාහක පැල තවාන 4. බීජ පැල තවාන

කැබලි මුල් අද්දවා ගැනීම

පැල ලබා ගැනීමේදි බීජ රහිත ශාක සහ ප්‍රරෝහනය ප්‍රතිශතය අඩු බීජ සහිත ශාක දඩු කැබලි, පත්‍ර කැබලි හෝ මුල් කැබලි වලින් සිටුවීම කරයි.

දඩු කැබලි පෙයාස්, මිදි, වැල් දොඩම්, රෝස වැනි වර්ග වලද පත්‍ර සිටුවීම, බිගෝනියා, අක්කපාන (බ්‍රයෝපීලම්) වැනි වර්ග වලද මුල් සිටුවීම දෙල්, ඛෙලි කරපිංචා වැනි වර්ග වලද සිදුකරයි. මේ සදහා බොහෝ විට වැලි ලෝම පස් මාධ්‍යයන් භාවිතා කරනු ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017