බඳුන් තවාන
 

කුඩා ගෙවතුවලට පැල ලබා ගැනීමේදි සහ තවාන් සදහා ඉඩ කඩ නැතිවිටතවාන් සදහා බදුන් භාවිතා කළ හැක. මේ සදහා කීප වරක් ප්‍රයෝජනයට ගත හැකි ස්ථීර බදුන් සහ එක් වතාවක් ප්‍රයෝජනයට ගත හැකි බදුන් හෙවත් තාවකාලික බදුන් යොදා ගත හැකිය.

ස්ථීර බදුන් ලෙස මැටි පෝච්චි, ලෑලි පෙට්ටි, පරණ බේසම්, බාල්දි, ප්ලාස්ටික් භාජන යනාදිය යොදාගනි.

වලං, පොල්කටු, පොල්ලෙලි, උණ බම්බු, පොලිතින්, කෙසෙල් පතුරු ආදිය තාවකාලික බදුන් ලෙස භාවිතා කෙරේ. ප්‍රවාහනය සහ මෙහෙයවීම පහසුවීම හා පැල සිටුවන විට මුල් නොකැඩීම මෙහි ඇති විශේෂ වාසියක් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017