නෙරිඩෝකෝ හෙවත් කුට්ටි තවාන් :
මේ ජපානයේ ගොවීන්ගේ ක්රමයකි. නොරිඩෝකෝ යන්නෙන් කුට්ටියක් යන්න අදහස් වේ.
නෙරිඩෝකෝ තවාන් ක්රමයේ වාසි :
1. පස් කුට්ටිය සමග පැලය ක්ෂේත්රයේ සිටුවන නිසා පැල උදුරා සිටුවීමේදි මුල් කැඩීමෙන් සිදු වන කම්පනය වැලකේ.
2. පැලය නොගලවා සිටුවන නිසා සිටුවන විගස ජලය දැමිම එතරම් අවශ්‍ය නැත
3. පැලය නොගලවා සිටුවන නිසා සෙවන කිරීම ද අනවශ්‍ය වේ.
4. වියලි කාල ගුණයක සිටවුවත් පැල වියලීයාමක් එතරම් සිදු නොවේ.
5. පැල උදුරා සිටුවීමට වඩා ඒකාකාරි වගාවක් ක්ෂේත්රයේ ඇතිකර ගත හැකිය.
6. මුල් ගැලවීමක් නැති නිසා රෝග කාරකයන්ට මුල් වලින් ඇතුල්වීම අපහසු වේ.
7. අඩු ජල ප්‍රමාණයකින් මෙම තවාන් කල හැකිය.
8. අධික මිල සහිත බීජ තවාන් කිරීමට යෝග්‍ය ක්‍රමයක් වීම නිසා පැල අපතේ නොයාම
9. පැල සිටුවීමෙන් පසු මිය යාම අඩුවීම
කුට්ටි තවානකට අවශ්‍ය ද්‍රව්‍ය :
1. සෙ.මි. 4.5 ත් 7.5 ත් අතර උස ලී රාමුවක් එහි පළල සෙ.මි. 75 ක් විම සුදුසුය. දිග අවශ්‍ය ප්‍රමාණයට ගත හැකිය. රීප්ප පටිවලින් මෙය සාදා ගැනීම පහසුය.
2. සල්ලඩියකින් හලා ගත් මතු පිට පස්
3. සල්ලඩියකින් හලා ගත් කොම්පොස්ට් හෝ දිරූ ගොම පොහොර
4. ගෝනියක් හෝ පිදුරු ස්වල්පයක්
තවාන සකස් කර ගන්නා ආකාරය
1. තවාන පිහිටුවීම ස`දහා හිරු එළිය හොදින් වැටෙන ස්ථානයක් තෝරා ගන්න.
2. එම ස්ථානය හොදින් සමතලා කර ගල් සහ වෙනත් ද්‍රව්‍ය ඉවත් කරන්න.
3. ලී රාමුව බිම ගොස් කර වටේට කුඤ්ඤ ගසා එය හොදින් සවි කර ගන්නා.
4. රාමුව තුලට දහයිය හෝ වැලි ස්වල්පයක් අතුරන්න. පසේ පැල කුට්ටි පහසුවෙන් ඉවත් කිරීමට එය ආධාර වේ.
5. මතු පිට පස් 1: කොම්පෝස්ට් දිරූ ගොම 1 හොදින් මිශ්‍ර කොට ජලය යොදා තලපයක් සේ අනා ගන්න.
6. දිය මලං කෑම රෝග මර්ධනයට එම මිශ්‍රණයටම සුදුසු දිලීර නාශකයක් යෙදීම කළ හැකිය.
7. සකස් කර ගත් මිශ්‍රණයෙන් රාමුව හොදින් පුරවන්න. අතින් තද මට්ටම් කරන්න.
8. ජලය බැස ගොස් මදක් වියලෙන් තෙක් ගෝනියක් හෝ පිදුරුවලින් වසා වරුවක් පමණ තබන්න. එක එල්ලේ හිරු එළියට ලක් වුවහොත් එය ඉතිරිලා යයි.
9. වේලූණ පසු සෙ.මි. 5ං5 කුට්ටි වලට කපාගනු ලැබේ. එම කුට්ටි කැපීමේදි පරණ පිහියක් භාවිතා කරන්න. කුට්ටි කැපීමේදි පිහිය නිතර තෙත් කිරීමෙන් කුට්ටිය ඇලී කැඩියාම වලකී.
10. කුට්ටිය මැද සෙ.මි 1/2 ක් පමන ගැඹුරට සිදුරක් ඇති කළ යුතුය.
11. බීජ සිටුවා පස් මිශ්‍රණයෙන් සිදුර වසන්න.
12. පිදුරු හෝ තෙත ගෝනියකින් වසුන් කරන්න.
13. බීජ පැලවන විට ආවරණය ඉවත් කරන්න.
14. දින 10 කින් පමණ නිරෝගි ශක්තිමත් පැලය ඉතුරුකොට කුට්ටියේ අනික් පැල ගලවා දමන්න
15. ක්ෂේත්රයේ සිටුවීමට සුදුසු තත්ත්වයට පත් වු විට ලෑලි රාමුවෙන් ඉවත්කර පස් කුට්ටිය සමග පැලය ගෙන සිටුවන්න. පස් කුට්ටිය හොදින් වැසෙන සේ සිටුවීම අත්‍යවශ්‍යය.